25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනත්තල සුබ වෙන්න ඉන්ධන මිල හොර රහසේම ඉහළට

නත්තල සුබ වෙන්න ඉන්ධන මිල හොර රහසේම ඉහළට

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දැමීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 177ක් දක්වා ඉහළ යනු ඇති. මීට පෙර රුපියල් 157ක්ව පැවති එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 20කින්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 23කින් ඉහළ දමා තිබෙනවා.

එහි නව මිල වන්නේ රුපියල් 207ක්. මීට පෙර එම පෙට්‍රල් මිල පැවතියේ ලීටරයක් රුපියල් 184ක් ලෙසටයි.

නව මිල වැඩි කිරීමත් සමග ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 111 සිට 121 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එහි මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 10කින්.

සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ 159ක්.

රුපියල් 144ක්ව පැවති එහි මිල රුපියල් 15කින් ඉහළ දැමීමටයි තීරණය කර ඇත්තේ.

මේ අතර මෙම මිල ගණන් වැඩි කිරීමට සාපේක්ෂව භූමිතෙල් මිල ද ඉහළ නංවා තිබෙනවා.

ඒ රුපියල් 10කින්.