27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsPoliticalමේ සැරසෙන්නේ JVP එක පැත්තට අලුත් පිම්මක් පනින්නද..?

මේ සැරසෙන්නේ JVP එක පැත්තට අලුත් පිම්මක් පනින්නද..?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ මීට පෙරද එකට වැඩ කර ඇති බවත් පක්ෂ දෙක එකට එකතුවීම අලුත් යමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කියයි.

ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු වැඩිදුරටත් පැවැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ දැන් පිරිසිදු පක්ෂ බවට පත්ව ඇති බවයි.

“2001 වසරේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය සමගත්, 2005 දී මහින්ද රාජපක්ෂ මැතිතුමා සමගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ සමග වැඩ කර තිබෙනවා.

ආණ්ඩු හැදුවා. යම් යම් ක්‍රියාදාමයන් සිදුවුණා. ජනතා විමුක්ති පෙරමුණත් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකතු වීම අලුත් යමක් කියලා මම හිතන්නේ නෑ. 

අපි අතර එකමුතුවක් හැදෙන්න, ගොනැගෙන්න, සන්ධානයක් හැදෙන්න සියලු ශක්තීන් අපි දෙගොල්ලෝ අතර තිබෙනවා. 

අද තිබෙන තත්ත්වය ඊටත් වඩා පැහැදිලියි. අද අපේ පක්ෂය අතුළේ දූෂිතයන් නෑ. මිනී මරුමන් මංකොල්ලකරුවන් නෑ.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිරිිසිදු පක්ෂයක් බවට දැන් පත්වෙලා තිබෙනවා.

ඉතිහාසයටත් වඩා දැන් ජනතා විමුක්ති පෙරමුණ වගේ පිරිසිදු පක්ෂයක් සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වගේ පිරිසිදු පක්ෂයකට එකතුවෙලා අනාගතය ගොඩ නගන්න හැකියාවක් තියෙනවා.”