― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsඅතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ

අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ

ජනාධිපතිවරයා විසින් තමන්ව දැනුවත් කර ප්‍රකාශ කර ඇත්තේ තමාගේ යුතුකම ජනතාව දැනුවත් කිරීම බවත් ඒ අනුව තමන් ජනතාව දැනුවත් කිරීමට පියවර ගත් නිසාවෙන් තමන්ගෙ රැකියාව අහිමි වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඔහු සඳහන් කරනුයේ කෝවිජ් කාලය පුරා තම ශ්‍රමය සහ දැනුම කැපකරමින් තමා සිදුකල සේවය වෙනුවෙන් වැටුපක් හෝ ලබා නොගත් බවත් ඉටුකල සේවයෙන් ඉවත් කිරීම සම්බන්දයෙන් තමන් දුක්වනු බවයි.

මාධ්‍ය හමුවේ මාධ්‍යෙව්දියෙකු විමසු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මහාචාර්යවරයා මේ බව පැවසීය.

ප්‍රශ්නය – ඔබතුමා මේ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට සහ ජනාධිපතිවරයාට දැනුම් දුන්නා ද ?

“මෙහෙමයි ආහාර හිඟයකට දැනුම්දෙන එක එකපාර ලියුම් ලියලා දැනුම් දෙන්න අවශ්‍ය නෑ. අපි සාකච්ඡා කරනවා. අපි ආහාර සම්බන්ධයෙන් වැඩකරන කමිටුවල ඉන්නවා. ඒ වගෙත් කියන්නේ ඕක ගැන. අපි සාකච්ඡා කරනවා. තීරණ ගන්නවා. ඒවා ඔක්කෝම අහන් ඉඳලා ඇවිත් කෑ ගහන්නේ නෑ. නමුත් ජනතාව දැනුවත් කරන්න බැරි නම්, මට ජනාධිපතිතුමා කියලා තියෙනවා ඔයාගේ එක යුතුකමක් තමා ජනතාව දැනුවත් කරන එක කියලා. ඉතින් මං ඒක තමා කරේ.”

ප්‍රශ්නය – අන්තිමේ දී ජනතාව දැනුවත් කරන්න ගිහින් ඔබතුමාගේ රස්සාවත් නැතිකර ගත්තා.

“කමක් නෑ. ජනතාව දැනුවත් වුණානම් මදැ. මගේ රස්සාව නැතිවුණා කිව්වහම නැති වුණේ මගේ සෙකට්රිකම. මම ඒකට දුක්වෙනවා. දුක් වෙනවා කියන්නේ ඒක නැතිවෙලා විලාප තියෙන එක නෙමෙයි. යමක් හරියට කරගෙන ගිහිල්ලා ඒක එතැනින් ඉවත් වෙනවා නම් ඒකට දුක හිතෙන්නේ නැති පුද්ගලයෙක් ඉන්නවා නම් මං කියන්නේ පෘතඥනයෙක් වෙන්න බෑ. රහත්වෙලා තියෙන්න ඕනේ. මොකද අපේ කාලය, ශ්‍රමය, අපේ දැනුම පහුගිය මාස ගානම මුළු කොවිඩ් කාලෙම අපි වියදම් කළේ, සතපහක් අරගෙනවත් හම්බකරන්නවත් වංචා කරන්නවත් නෙමෙයි. මට අඩුම ගානේ සෙකට්රි විදියට හම්බවෙන රුපියල් 50,000වත් හම්බවුණේ නෑ. අතින් කාලා හරක් බලනවා වගේ වැඩක් මං කළේ. කමක් නෑ. ඒ නිසා දුකක් තියෙනවා. හැබැයි මට ගෙදර යන්න වෙද්දි කාටහරි ප්‍රයෝජනයක් වුණානම් ඒ ඇති.”