― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsBusinessඉතිහාසගත මත්ස්‍ය නිෂ්පාදන අපනයන ආදායමක්

ඉතිහාසගත මත්ස්‍ය නිෂ්පාදන අපනයන ආදායමක්

මෙම  වසරේ නොවැම්බර් මාසය දක්වා මත්ස්‍ය නිෂ්පාදන අපනයනයෙන් ඩොලර් මිලියන 287ක (රුපියල් බිලියන 57 ක්) ආදායමක් උපයා ගැනීමට හැකි වී තිබේ. මේ සමග මෙරට ඉතිහාසයේ ඉහලම මත්ස්‍ය අපනයන ආදායම ඉපැයූ  වසර බවට 2021 වසර පත්වන බව ධිවර රාජ්‍ය ඇමැති  කංචන විජේසේකර මහතා පැවැසීය. 2021 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා වූ මත්ස්‍ය නිෂ්පාදනය අපනයන ප්‍රමාණය මෙට්‍රික්ටොන් 24229 ක් බවද අමාත්‍යංශ වාර්තා පෙන්වා දී  ඇත. එමෙන්ම මේවසරේ වෙළෙඳ ශේෂය ඇ.ඩො.මිලියන 170.98ක් ( රුපියල් බිලියන 34 ක්) වන බව සහ එය ඉතිහාසයේ හොදම වෙළෙඳ ශේෂය බවත් රාජ්‍ය ඇමැතිවරයා පැවැසීය. මේ වසරේ ඉස්සන් වගාව 181 % ක අපනයන ආදායම් ප්‍රගතියක් වාර්තා කර ඇති අතර ටින්මාළු ආනයන වියදම 68%කින් අඩුකිරීමට ද හැකියාව ලැබී ඇති බවත් රාජ්‍ය ඇමැතිවරයා පෙන්වා දෙයි. බුද්ධිකා ඉඹුලාන