― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeNewsLocalකෘෂිකර්ම අමාත්‍යාංශයේ හතරවෙනි ලේකම්වරයා ඉවත් කලා

කෘෂිකර්ම අමාත්‍යාංශයේ හතරවෙනි ලේකම්වරයා ඉවත් කලා

වර්ථමාන රජය බලයට පත් වීමෙන් පසුව තනතුරින් පහකල කෘෂිකර්ම අමාත්‍යාංශයේ හතරවෙනි ලේකම්වරයා උදිත ජයසිංහ මහතා. උදිත ජයසිංහ මහතා ඉවත්කල පසුව රට ආහාරවලින් ස්වයංපෝෂිත නොවෙන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා

කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් ලෙස කටයුතු කරපු උදිත ජයසිංහ මහතාව තනතුරෙන් ඉවත් කරන්න ජනාධිපතිවරයා තීරණය කළා කියලා ඊයෙ හවස නිවේදනය කෙරුණා.
 මේ ජනාධිපතිවරයා බලයට පැමිණීමෙන් පසු කෘෂිකර්ම  අමාත්‍යාංශයේ හතරවෙනි ලේකම්වරයා තමයි ඉවත් කිරීම හෝ ඉල්ලා අස්වීම සිද්ධ වුණේ.
 පස්වැනියා තමයි පත් වෙමින් යන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශය ලේකම්වරුන්ගෙන් වැඩිම කාලයක් හිටියේ මුලින්ම ගෝඨාභය රාජපක්ෂ මහත්තයා වැඩ බාර ගන්න කොට ජනාධිපතිවරයා ලෙස හිටපු ලේකම්වරයා. ඔහු මාස නමයක කාලයක් හිටියා. අනික් අය බොහොම කෙටි කාලයක්‍ හිටියේ
  කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්වරයා ඉවත් කිරීමට ආසන්න හේතුව අපිට තේරෙන විදිහට ඔහු ඉවත් කරපු දවසට පෙර දවසේ කරපු ප්‍රකාශයක්
 ඔහු කිව්වේ ඉදිරියේදී ආහාර හිඟයක් ඇති වෙන්න නියමිතයි. ඒ ආහාර හිඟයක් සමග කැපකිරීමක් කරන්න වෙනවා තරුණ අයට සහ නිරෝගී අයට ආහාර දීමේ ප්‍රමුඛතාවයක් හදන්න වෙනවා. ඇත්තටම මේක එක පැත්තකින් ගත්තොත් විහිළුවක්.

 ඒක විහිළුවක් වෙන්නේ මීට වඩා කෑම අඩු කරන්න විදිහක් නෑ නොවැම්බර් මාසේ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම උද්ධමනය වාර්තා වුණා. සියයට 11.1 ක්‍..
 මීට කලින් 2009 දි තමයි සියයට 10. දශම ගණනක් වාර්තා වෙලා තිබුණේ.
 10  ඉක්මවා ගිය ගණනකට නැගුනේ දශකයකට විතර පස්සෙ. මේ තත්ත්වය ඇතුලේ කෑම පාලනය කරන්න විදියක් නෑ මිනිස්සු අඩුවෙන් තමයි කන්නේ.

 උදිත ජයසිංහ මහත්තයා කියන්න උත්සාහ කළේ ආහාර   හිඟයක් පි ලිබද අවදානමක් තියෙනවා කියලා.
 ඒක ඔහුගේ පුද්ගලික මතයක් වෙන්න බෑ. මේක කියපු විදිහෙන් අපිට හැඟෙනවා රජය තුළ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ මේ පිළිබඳව යම් ආකාරයක හෝ සාකච්ඡාවක් වෙලා ඇති කියලා. ඒ සාකච්ඡාව මත පදනම් වෙලා තමයි ඔහු කියන්නේ ආහාර හිඟයක් එන්න ඉඩ තියෙනවා කියලා.
 ඔහුව තනතුරෙන් නෙරපා හැරියා කියලා රට ආහාරවලින් ස්වයංපෝෂිත වෙන්නේ නෑ.
 මේක හරියට එලාම් එකට පොල්ලෙන් ගැහුවා වගේ වැඩක්.
 මේ විදිහට ලංකාවේ සමාජයට ඉස්සරහට යන්න බෑ.