Become a member

Get the best offers and updates relating to Liberty Case News.

― Advertisement ―

spot_img

ETCA එපා !!!

ETCA එපා !!! එට්කා ඇතුළු ඉන්දියන් ආක්‍රමණයන් පිළිබඳ දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණය. කොළඹ මහජන පුස්තකාල හා ප්‍රලේඛන ශාලාව දෙවන පරපුර https://www.youtube.com/watch?v=T1OWr8LyE7o&list=PLtxGeCUplFK6lG8dY_3P1jmTruhoPRM5n
HomeNewsජැෆ්නා කිංග්ස් එල්පීඑල් කිරුළ රැක ගනී

ජැෆ්නා කිංග්ස් එල්පීඑල් කිරුළ රැක ගනී

පිට පිට දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරයන් ලෙස කිරුළ පැලඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඊයේ සමත් විය.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේදී යාපනය පිල හමුවේ භානුක රාජපක්ෂ මෙහෙයවූ ගෝල් ග්ලැඩියේටර්ස් පිල ලකුණු 23කින් පරාජයට පත් විය.

මේ තරගාවලියේ පළමු අදියරේදීත් ගාල්ල පිල පරදවමින් ශූරතාව දිනා ගැනීමට යාපනය කණ්ඩායම සමත්වීම විශේෂත්වයකි. 

තරගයේ කාසියේ වාසිය දිනාගත් යාපනය කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් ලකුණු 200ක ඉලක්කය හමුවේ ගාල්ල කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 178ක් පමණි. ධනුෂ්ක ගුණතිලක ලකුණු හඹා යෑම සඳහා ගාල්ල ඉනිමට වේගවත් ආරම්භයක් දුන්නත් වනිඳු හසරංග පන්දු යැවීමට පැමිණීමත් සමඟ ලකුණු රැස් කිරීමේ වේගය අඩාළ වූයේ පිට පිට කඩුලු 2ක් බිඳ වැටීමෙනි.

පන්දු 21කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 3ක් සමඟ ලකුණු 54ක් රැස් කර සිටි ගුණතිලක පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර, බෙන් ඩන්ක් පළමු පන්දුවෙන්ම පිටියෙන් ඉවත් විය. මොහොමඩ් හෆීස් දුවද්දී දැවී යෑමත් සමඟ ගාල්ල කණ්ඩායම මත පීඩනයක් එල්ල කිරීමට යාපන කණ්ඩායමට හැකි විය.

කුසල් මෙන්ඩිස් පන්දු 28කින් ලකුණු 39ක් සහ සමිට් පටේල් ලකුණු 22ක් ඉනිමට එක් කළ අතර, සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව ඉක්මවීමට යාපනය පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් නොලැබිණි.

පන්දු යැවීමේදී චතුරංග ද සිල්වා සහ වනිඳු හසරංග කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

යාපනය ඉනිමට වේගවත් ආරම්භයක් දුන් අවිශ්ක ප්‍රනාන්දු සහ රහ්මනුල්ලා ගුර්බාස් පළමු කඩුල්ලට ලකුණු 56ක් රැස් කළේ පන්දු 32කිනි. පන්දු 18කින් ලකුණු 35ක් රැස් කළ ගුර්බාස් දැවී යෑමෙන් එම සබඳතාව නිමා වූ අතර, අනතුරු පිටියට පිවිසි ටොම් කොලර් කැඩ්මෝර් අර්ධ ශතක සබඳතා දෙකක් සමඟින් ලකුණු පුවරුව 200 දක්වා ගෙන යෑමට දායක විය. අවිශ්ක සමඟ දෙවැනි කඩුල්ලට පන්දු 44කින් ලකුණු 63ක් එක් කළ කැඩ්මෝර් තෙවැනි කඩුල්ලට ෂොයිබ් මලික් (23) සමඟින් පන්දු 34කින් ලකුණු 62ක් ද එක් කළේය. මෙවර තරගාවලියේ දෙවැනි අර්ධ ශතකය ලෙස ලකුණු 63ක් රැස් කළ අවිශ්ක හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් එල්ල කර තිබිණි. නොදැවුණු ඉනිමක් ක්‍රීඩා කළ කැඩ්මෝර් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 57ක් රැස් කළ අතර ඔවුන් දෙදෙනාම පන්දු 41ක් බැගින් වැය කර තිබිණි. නායක තිසර පෙරේරා පන්දු 9කින් ලකුණු 17ක් ඉනිමට එක් කළේය.

අවසන් තරගයේ සහ තරගාවලියේ වීරයා සම්මානය යාපනය කණ්ඩායමේ අවිශ්ක ප්‍රනාන්දු සම්මාන හිමි කර ගත්තේය.

ක්‍රීඩා, තරුණ කටයුතු සහ සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ ඇමැති නාමල් රාජපක්ෂ සහ රාජ්‍ය ඇමැති ඩී.වි. චානක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය පැවැත්විණි.