27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවැලිමඩ වැවක තිබී ජීව අත් බෝම්බ 04 ක් සොයා ගැනේ

වැලිමඩ වැවක තිබී ජීව අත් බෝම්බ 04 ක් සොයා ගැනේ

වැලිමඩ දික්කාපිටිය හෙලමල්ලන්ද වැව් ජලයේ ප්ලාස්ටික් භාජනයක බහා ජලයේ පාවෙමින් තිබුණු යුධහමුදාව භාවිතාකරණ වර්ගයේ ජිව අත් බෝම්බ 04ක් ඊයේ (23) දින හමු වූ බව වැලිමඩ පොලිසිය පවසයි. දික්කාපිටිය ගම්වාසින් විසින් වැලිමඩ පොලිසියට අනුබද්ධ බුද්ධි අංශයට ලබාදුන් තොරතුරකට අනුව සිදුකළ පරික්ෂණයේදි මෙම ජීව අත්බෝම්බ 04 හමු වූ බව පොලිසිය පවසයි.  මෙම අත්බෝම්බ එස්.එප්. ජි.87 හා ටයිපි 82 වර්ගයට අයත් හමුදාව භාවිතයට ගන්නා අත් බෝම්බ වර්ගයක් බවද පොලිසිය පවසයි. මෙසේ පොලිස් භාරයට ගත් ජිව අත්බෝම්බ 04 හමුදා විශේෂ කාර්යය බලකායට භාරදිමට පියවර ගන්නා බවද පොලිසිය පවසයි. මෙම අත්බෝම්බ මෙම වැව අසලට ගෙනවිත් දැමු අය කවුරුන්දැයි මෙතෙක් අනාවරණය නොවී ඇති අතර වැලිමඩ පොලිසිය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි 

(වැලිමඩ සමුහ ආර්.රාජමන්ත්‍රී)