27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනවාරි ඉඳලා ගෙවත්තේ මොනවා හරි හිටවගන්න

ජනවාරි ඉඳලා ගෙවත්තේ මොනවා හරි හිටවගන්න

ජනවාරි මාසයේ සිට තම තමන්ගේ ගෙවත්තේ කුමන හෝ බෝග වර්ගයක් වගා කරන ලෙස වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා අද (දෙසැ. 25) මේ බව පැවසීය. 

අමාත්‍යවරයා එහිදී වැඩිදුරට ත් සඳහන් කළේ, ඒ සඳහා කඩිනම් වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට යෝජනා කර ඇති බව ය. 

“සෑම නිවසක ම වගේ මිරිස් පැල කිහිපයක්, බටු පැලයක්, නිවිති වැලක් මේ වගේ කෙටි කලකින් ඵල ලබා ගන්න පුළුවන් දේ ලබා දීම සඳහා අපි යෝජනා කරලා තියෙනවා කඩිනම් වගා සංග්‍රාම වැඩපිළිවෙළක් ආරම්භ කරන්න කියලා. මේ ජනවාරි ඉඳන්වත් තම තමන්ගේ ගෙවත්තේ පවා මොනවා හරි සිටවා ගන්න. මොකද දෙවන ලෝක යුද්ධ කාලෙදීත් මේ තරම් ම විශාල අර්බුදයක් තිබුණේ නැතත් ඉතා විශාල ආහාර හිඟයක් ඇති වුණා.”