32 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsLocalසුඩානයේ පැතිර යන මාරාන්තික රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමර්ශනයක්

සුඩානයේ පැතිර යන මාරාන්තික රෝගය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් විමර්ශනයක්

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අප‍්‍රිකානු රාජ්‍යයක් වන සුඩානයේ දකුණුදිග ප‍්‍රදේශවල පැතිර යන මාරාන්තික අභිරහස් රෝගයක් සම්බන්ධයෙන් විමර්ශනයක් අරඹා තිබේ. සුඩානයේ ෆැන්ගක්, ජෝන්ග්ලෙයි ප‍්‍රාන්තය යන ප‍්‍රදේශවල පැතිර යමින් පවතින මෙම අභිරහස් රෝගය හේතුවෙන් (23දා) වන විට පුද්ගලයන් 97 දෙනකු මිය ගොස් තිබිණි.

සුඩාන සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මෙම අභිරහස් රෝගයට වැඩි වශයනේ ගොදුරු වනුයේ වැඩිහිටි පුද්ගලයන් හා වයස අවුරුදු 1-14 වයස් කාණ්ඩයට අයත් වූවන්ය. මෙම රෝගය වැළඳුනු අය පෙන්නුම් කරන රෝග ලක්ෂණ වනුයේ කැස්ස, පාචනය උණ, හිසරදය, පපුවේ වේදනාව, සන්ධි රුදාව, ආහාර අරුචිය, සිරුරේ අප‍්‍රාණික ගතිය යනාදියයි. මෙම රෝගය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සුඩානයේ ෆෑන්ගැක් නගරයට පැමිණි සෞඛ්‍ය සංවිධානයේ විමර්ශන කණ්ඩායම විමර්ශන කටයුතු අවසන් කර පිටව ගොස් ඇතත් සිය සොයාගැනීම් පිළිබඳව නගරයේ බලධාරීන්ට කිසිවක් දැනුම් දී නොමැති බව වාර්තා වී තිබේ. මෙම රෝගය පැතිර යන ප‍්‍රදේශයන් පසුගිය කාලයේ දැඩි ජල ගැලීම්වලට ලක් හේතුවෙන් අදාළ අභිරහස් රෝගයට ගොදුරු වී ඇති රෝගීන්ගෙන් ලබා ගත් සාම්පල කොලරා රෝගය සඳහා පරීක්ෂා කර ඇතත් එම රෝගය කොලරාව නොවන බව තහවුරු වී තිබේ.

සංස්කරණය
ඒමන්ති මාරඹේ