― political ―

2019 වගේ ආයෙත් පුහු වීරයෙක්ට රැවටෙන්න එපා

මීට වසර 5කට පෙර ජනතාව රැවටී බංකොලොත් වූ බවත් මෙවර අප තීරණ ගත යුත්තේ පවතින බංකොලොත් භාවයෙන් ගොඩ එනවාද නැතිනම් පවතින බංකොලොත්භාවයෙන් තවත් බංකොලොත්භාවයට...
HomeNewsLocal‘‘රැකියාවේ පීඩන තිබුණත් මිනී මරන්න බෑ‘‘

‘‘රැකියාවේ පීඩන තිබුණත් මිනී මරන්න බෑ‘‘

රැකියාවේ මොනතරම් පීඩනය ආවත් හිතුමනාපේ මිනිමරන්න කිසිවකුටත් අයිතියක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා පැවසීය .

තිරුක්කෝවිල් පොලිසියේ දී පොලිස් සැරයන්වරයකු ටී 56 ගිනි අවියකින් වෙඩි තබා පොලිස් නිලධාරීන් සිව් දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලංකාදීපය කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය .

සැකකාර පොලිස් සැරයන් නිවාඩු ඉල්ලූ බවට එය නොදුන් නිසා දැඩි පීඩනය මැද මෙම මෙවැනි තත්ත්වයක් සිදුව ඇති බවට ඔහුගේ මව කරන ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී සැරයන්වරයා එවන් නිවාඩුවක් ඉල්ලා නොමැති බවට අනාවරණය වූ බව ද අමාත්‍යවරයා කීය.

රැකියාවේ මොනතරම් පීඩන ආවද ඔහු මනාප කිසිවකුටත් මිනීමරණ අයිතියක් නොමැති බවත් , මෙම සිද්ධියෙන් වටිනා ජීවිත හතරක් පොලිසියට අහිමි වී ඇති බවද බව ද හෙතෙම කීය

ස්ථානාධිපතිවරයා ද මෙම සිද්ධියේදී වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇති බවත් ඔහු සුව වී පැමිණි පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩි විස්තර දැනගත හැකි බව ද හෙතෙම කීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බවද අමාත්‍යවරයා සඳහන් කළේය .

(ඉන්දිකා රාමනායක)