― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsLocalඋදය ගම්මන්පිල ද හින්දු පුවත්පතට කියලා තියවා ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි අනු...

උදය ගම්මන්පිල ද හින්දු පුවත්පතට කියලා තියවා ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි අනු නමයක් මාසයක් ඇතුළත ලබා දෙනවා කියලා

බලශක්ති හා ඛනිජ තෙල් සම්බන්ධ අමාත්‍යවරයා විදිහට උදය ගම්මන්පිල මහතා ද හින්දු පුවත්පතට ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි අනු නමයක් මාසයක් ඇතුළත ලබා දෙන බවට ප්‍රකාශයක් ලබා දී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

අද 28දින පෙරටුගාමී සමාජවාදී පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ

මහජන දේපල ගණනාවක් විකිණීම සම්බන්ධයෙන් වන සංවාදයක් ඇති වෙමින් යනවා. ඉන්දියාවේ පළවෙන ද හින්දු පුවත්පතට බලශක්ති හා ඛනිජ තෙල් සම්බන්ධ අමාත්‍යවරයා විදිහට උදය ගම්මන්පිල  ප්‍රකාශයක් ලබා දීලා තියෙනවා
 ඒ ප්‍රකාශය හින්දු පුවත්පතේ වෙබ් අඩවියේ පළ කරලා තියෙනවා. ත්‍රීකුණාමලයේ පිහිටලා තියෙන එකක් කිලෝ ලී ටර 12000 ක ධාරිතාවකින් යුක්ත තෙල් ටැංකි අනු නමයක් ඉන්දියාවට ලබා දීම සඳහා වන ගිවිසුම් දැනට සකස් කෙරෙමින් තියෙනවා. මාසයක් ඇතුළත එම ගිවිසුම අත්සන් කරල අවසන් කරනවා  කරනවා කියලා තමයි ඔහු සඳහන් කරලා තියෙන්නෙ.
, මාස දාසයක්  වැනි විශාල කාලයක් තිස්සේ ඉන්දියාවත් සමග මේ ගිවිසුම සම්බන්ධයෙන් සාකච්ඡා කළා. දැන් ඒ ගිවිසුම් අත්සන් කිරීම සඳහා වන කටයුතු සූදානම් වෙලා තියෙනවා.
 මාසයක් තුල ගිවිසුම් අත්සන් කරනවා කියලා. මීට කලින් ඉන්දියාවේ හර්ෂ්වර්ධන් සිංලා ලංකාවට ආපු වෙලාවේ ඔහු ගියා ත්‍රිකුණාමලය තෙල් ටැංකි ඉදිරිපිට ඉඳගෙන ඡායාරූපයක් ගන්න.
 ඔහු ඡායාරූප ගන්නකොට අපි කිව්වා මේ නිකම් විනෝද චාරිකාවක් ඇවිල්ල ගන්න ඡායාරූපයක් නෙමෙයි. මේ ඡායාරූප ගැනීම නිශ්චිතවම බලය ප්‍රදර්ශනය කිරීමක්. මේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි ටික ඉන්දියාව ගන්න යන්නේ කියලා අපි කිව්වා.
 ඒ වෙලාවේ මේ හින්දු පුවත්පතට දැන් මේ සාකච්ඡාව දෙන අමාත්‍ය උදය ගම්මන්පිල ඒක තරයේ ප්‍රතික්ෂේප කරමින් කිව්වා මිනිස්සු ට්‍රිප් ආපුහාම පින්තූර ගන්නවා. ඒකයි මේ තෙල් ටැංකි විකිණීමයි අතර සම්බන්ධයක් නෑ තෙල් ටැංකි විකුණන් නෑ කියලා.
 මීට කලින් උදය ගම්මන්පිල කිව්වේ ඉන්දියාව ලබාගෙන තියෙන තෙල් ටැංකි නැවත පවරා ගන්නවා කියලා. ඔහු ඒ සිංහල භාෂාවෙන් කරපු ප්‍රකාශය ඉංග්‍රීසි භාෂාවෙන් පුවත්පත්වල පළ වුණාට පස්සේ කොළඹ තියෙන ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය කිව්වේ නෑ මේ තෙල් ටැංකි ලබා ගැනීම සඳහා ක්‍රියාවලියක් තියෙනවා ලබාගෙන තියෙන තෙල් ටැංකි නැවත දීමේ කිසි සූදානමක් නෑ කියලා.
 හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එළියෙ කියලා කියනවා නේ.
 ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි අනු නමයක් තියෙනවා බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදි  කරපුව. මේ ටැංකි වලින් 15 ක්‌ 2003 වසරේදී වසර 35 ක කාලයක් සඳහා අයිඕසී සමාගමට පැවරුවා.
 ඒ සමාගමට පැවරීමෙන් පස්සෙ තව අසූ හතරක් ඉතිරිවෙලා තියෙනවා. මේ තෙල් ටැංකි වලින් තෙල් ටැංකි දාසයක් ඉතාම සුළු අලුත්වැඩියාවකින් පස්සේ පාවිච්චි කරන්න පුළුවන් ඒවා. තෙල් ටැංකි විස්සක විතර ප්‍රමාණයක් තියනවා පාවිච්චි කිරීම ඉතාම අපහසු ඒ වා
 2017 අවුරුද්දේදී යහපාලන ආණ්ඩුව උත්සාහ කරා මේ තෙල් ටැංකි ටික ඉන්දියාවට ලබා දෙන්න. ඔවුන් ගිවිසුමකුත් සකස් කළා
 ඒ ගිවිසුමේ තිබුනේ දැනට අයිඕසී සමාගමට ලබා දීලා තියෙන තෙල් ටැංකි 15   වසර තිස් පහකට නෙමෙයි සදාකාලිකවම අයිඕසී සමාගමට පවරනවා.
 ඉතුරු තෙල් ටැංකි 84 න් 10 ක් දෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉතුරු තෙල් ටැංකි 74 ඒකාබද්ධ සමාගමකට ලබා දෙනවා.
 ඒකාබද්ධ සමාගම සකස්වෙන්නේ ලංකා අයිඕ සී නමැති ඉන්දියානු සමාගමත් අනිත් පැත්තෙන් ඛණිජතෙල් නීතිගත සමාගමක් එකතු වෙච්ච ඒකාබද්ධ සමාගම ක්‌
 ඔන්න ඕක තමයි ඒ ගොල්ලන්ගේ සැලැස්ම තිබ්බේ.
 මේක ඒකාබද්ධ සමාගමක් කිව්වට පූර්ණ බලය තිබ්බෙ ඉන්දියාවට.
 ඒ වෙනකොට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවකයන් වෘත්තීය සමිති අනෙකුත් සියලු ප්‍රගතිශීලීන් එකතුවෙලා මේක පරාජයට පත්කළා
 උදය ගම්මන්පිල මහත්තයා කියන අලුත් සැලැස්මට අනුව ට්‍රින්කෝ පෙට්ට්රෝලියම්  ටර්මිනල්ස් ලිමිටඩ් කියලා සමාගමක් හදනවා. ඒ සමාගමේ කොටස් වලින් සියයට හතළිස් නවයක් තියෙනවා අයිඕසී එකට සියයට පනස් එකක් තියෙනවා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට කියලා.
 මේ 49% කොටස් කියල කිව්වට මේකෙ මෙහෙයුම්වලට අදාල පූර්ණ බලය තියෙන්නේ ඉන්දියාවට. තෙල් ටැංකි ඔක්කොම ගන්නේ නෑ ටිකයි ගන්නේ කිව්වට ගන්නෙ නැත්තෙ දැනට පාවිච්චි කරන්න බැරි තෙල් ටැංකි ඒව තියා ගත්තට ලංකාවට ලොකු දෙයක් වෙන්නෙ නෑ.
 තෙල් ටැංකි ඉන්දියාවට දෙන එකේ ප්‍රශ්නේ තව ගොඩක් දේවල් එක්ක බැඳිලා තියෙනවා. 2021  අප්‍රේල් මාසේ 29 වැනිදා කැබිනට් පත්‍රිකාවක් සම්මත කළා. ඒ කැබිනට් පත්‍රිකාවේ තියෙනවා 1961 අංක 24 දරන ඛනිජ තෙල් සම්පත් පනත සංශෝධනය කරනවා කියලා.
 මොකද 1961 ට කලින් ලංකාවේ ඛණිජ තෙල් සම්බන්ධ ඒකාධිකාරය තිබුණේ ෂෙල්  එසෝ  කැ ල්ටෙක්ස් වගේ  දැවැන්ත බහුජාතික සමාගම් වලට.
 1961 දී ඒක ඉවත් කරලා ලංකාවේ ඛණිජ තෙල් සම්බන්ධ බලය රජය සතු කළා.
 මේ පනත සංශෝධනය කිරීමත් එක්ක සමාන්තරව සපුගස්කන්ද තෙල් පිරිපහදුව ට අමතරව අලුතෙන් තෙල් පිරිපහදු දෙකක් ආරම්භ කරන්න අවසර දීලා තියෙනවා චීනයට සහ ඇමෙරිකා එක්සත් ජනපදයට 
 පනත සංශෝධනය කළොත් විතරයි ඒ සඳහා අවසර දෙන්න පුළුවන් දැනට අපි දන්නා තොරතුරු වලට අනුව චීනයට සහ ඇමරිකා එක්සත් ජනපදයට තෙල් පිරිපහදු දාන්න සාකච්ඡා සිදු කරමින් යනවා.

 ඒක සිද්ධ වෙන්නේ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ස්වභාවික මරණයකට ලක් කරන ගමන්.
 උදය ගම්මන්පිල  අමාත්‍යවරයා  ඇවිල්ල කියනවා තෙල් පිරිපහදුවේ තෙල් පිරිපහදු කරනවට වඩා ලාබයි පිට රටින් ගෙන්නන එක කියලා  එහෙමනම් චීනයයි ඇමරිකාවයි මෙහෙ තෙල් පිරිපහදුවක් දාන්න පොරකන්නේ මොකද කියන ප්‍රශ්නය එනවා.
 ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව තිබුණු තෙල් පිරවුම් හල් තෙල් නල පද්ධතිය සහ මුතුරාජවෙල තෙල් ටැංකි සියල්ල එකතු කරල එස් පී ටී එල් කියලා  සමාගමක් හැදුවා 2002.
 ඒ සමාගමෙන් තුනෙන් එකක් තෙල් පිරවූ ම් හල්  සීයක් සහ අර නල පද්ධතිය සහ තෙල් ටැංකි වල අයිතියෙන් තුනෙන් එකක් අයිඕසී සමාගමට ලබා දුන්නා අවුරුදු 20 ක කාලයක් සඳහා.
 ඒක 2023 ඔක්තෝම්බර් මාසේ ඒක අවසන් වෙනවා.දැනට සාකච්ඡා වෙමින් යනවා මේක තව අවුරුදු පනහකට දික් කරන්න.

 මෙතැනින් පස්සේ වෙන එක තමයි ලංකාවට බොරතෙල් ගෙන්වීම ගෙන්වන බොර තෙල් පිරිපහදු කිරීම ගබඩා කිරීම සහ බෙදා හැරීම සමස්ත ක්‍රියාවලියම පෞද්ගලික ආයතන සතු වෙනවා.
 මේ වගේ මිල පාලනය කිරීමේ පූර්ණ ඒකාදිකාරී බලයකුත් පෞද්ගලික සමාගම් සතු වෙනවා.
 මේ පෞද්ගලික සමාගම් සියල්ල ඉන්දියානු චීන ඇමරිකානු පෞද්ගලික සමාගම් මේ සමාගම් සියල්ල මෙතනට මැදිහත් වෙන්නේ හුදු ආර්ථික ලාභ ප්‍රයෝජන සඳහා ම නෙමෙයි.
 ඒ අය මේකට සම්බන්ධ වෙන්නේ ස්ථීරවම ඉන්දියානු සාගරයේ තියෙන බල අරගලයට සම්බන්ධ වෙලා.
 ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට අවශ්‍ය වෙන්නේ තෙල් ගබඩා කරන්නම නෙමෙයි. මේවා ගොඩනැඟුවේ ලෝක යුද්ධ සමයේදී බ්‍රිතාන්‍ය හමුදාව වලට තෙල් ලබා ගැනීම සඳහා ගොඩනග පු තෙල් ටැංකි.
 ඒව ලංකාවට අවශ්‍ය ධාරිතාව ටත් වඩා වැඩියි.
 මේ සියල්ල එකට ගත්තට පස්සේ ලංකාවේ ඛනිජ තෙල් වලට අදාල බලශක්ති ක්ෂේත්‍රය ම මුළුමනින් පරාධීන වන බලශක්ති ස්වෛරී  භාවය ජනතාවට තියෙන අයිතිය මුළුමනින්ම අහෝසි වන තත්ත්වයේ ක්‍රියාමාර්ගයක් මේ ගනිමින් ඉන්නේ.
 මේක ඉතාමත් ද්‍රෝහී ක්‍රියා මාර්ගයක්. දුන්න තෙල් ටැංකිත් ආපහු ගන්නවා කියපු උදය ගම්මන්පිල අමාත්‍යවරයා මේ කරපු ලැජ්ජාශීලී ප්‍රකාශය ගැන පිළිතුරු දෙන්න ඕන