26.7 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalදුම්රිය වර්ජනය අවසන්

දුම්රිය වර්ජනය අවසන්

රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සමග කළ සාකච්ඡාව සාර්ථකවීමත් සමග දුම්රිය වර්ජනය අවසන් කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබේ. දින 04 ක් පුරා පැවති දුම්රිය වර්ජනය හේතුවෙන් භාණ්ඩ ප්‍රවාහනය ඇතුලු සේවා රැසකට බාධා එල්ල විය. ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම නිසා දෙපාර්තමේන්තුවට විශාල පාඩුවක් ද සිදුවිය. දුම්රිය ස්ථානාධිපතිවරුන් තමන්ට ඇති ගැටලු රාජ්‍ය අමාත්‍යවරයා සමග අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත. සේවක හිඟය, උසස්වීම් අඩුපාඩු ඇතුළු ඉල්ලීම් රැසක් ඔවුන් ඉදිරිපත් කර තිබේ. ඊට සාධනීය විසඳුම් ලැබුනු බවයි, දුම්රිය ස්ථානාදිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේද සෝමරත්න මහතා පැවසීය. මේ අතර දුම්රිය සහ ලංගම බස් ඒකබද්ධ සේවාවක් ආරම්භ කිරීම සඳහා අද සාකච්ඡාවක් පැවැත්විණි.