― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeNewsLocalශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාවට විවෘත ‌කෙරේ

ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ මහජන වන්දනාවට විවෘත ‌කෙරේ

රත්නපුර ඓතිහාසික මහ සමන් දේවාල පරිශ්‍රයේ අභිනවයෙන් තැන්පත් කළ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය සහ පළමු මල් පූජා පිංකම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28) පැවැත්විණි.

රත්නපුර ශ්‍රී සුමනාරාම විහාරස්ථානාධිපති පූජ්‍ය කරවිට උපනන්ද නාහිමියෝ මෙහි දී අභිනව ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කළහ.

අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බුද්ධ ප්‍රතිමා වහන්සේට පළමු මල් පූජාව පැවැත්වීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සංකල්පයක් අනුව සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කෙරුණු අතර ඊට අදාළ ඉදිකිරීම් කටයුතු සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මැදිහත්විය.

මහවෙල ශ්‍රී ධර්මායතන පිරිවෙන් විහාරාධිපති සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක කෑලිගම විජිතානන්ද නාහිමි පිංකමට පැමිණ සිටි පිරිස පංචශීලයේ පිහිටවූහ.

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශ්‍රී පාදස්ථානාධිපති පොත්ගුල් රජමහා විහාරය හා පැල්මඩුල්ල රජමහා විහාරය යන උභය විහාරාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියෝ මෙහි දී අනුශාසනාවක් පැවැත්වූහ.

සපරගමු මහ සමන් දේවායේ ඓතිහාසික වැදගත්කම මෙන්ම මෙම පිංකමේ වටිනාකම පෙන්වා දුන් උන්වහන්සේ බුද්ධශාසන අමාත්‍යාංශය වැනි අමාත්‍යාංශයක් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙන අග්‍රාමාත්‍යතුමාට පැවරී තිබීම ගැන ප්‍රශංසා පෙරදැරිව අනුශාසනා කළහ.