30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ

ජනතාව අතර පිපිරීමක් වුණොත් එය එතරම් හොඳ නෑ

සිංහල අලුත් අවුරුදු කාලය වන විට රටේ ආහාර හිඟයක් ඇතිවන බව ලැබී තිබෙන සියලු ආරංචි මාර්ග තහවුරු කරන බැවින් වහා ඉන්දියාවෙන් තෙල් සහ ආහාර ණයට ගැනීමට කටයුතු කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද පැවසීය.

ණයට තෙල් සහ ආහාර ගැනීමට ආණ්ඩුව මේ වන විටත් ඉන්දියාව සමග සාකච්ඡා කරමින් සිටින බව කී රනිල් වික්‍රමසිංහ මහතා ණය ලබා ගැනීමෙන් හෝ ණයට භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය ප්‍රශ්නය නොවිසදෙන නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ඉන්දියාවෙන් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්නැයි ආණ්ඩුවට දැනුම් දෙන බවද සඳහන් කළේය.

එම නිසා ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ඡා වහාම අවසන් කර එකඟතාවයකට පැමිණිය යුතු බව ද වික්‍රමසිංහ මහතා මෙහිදී කීය.

මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ එසේ නොකරන්නේ නම් පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා මේ වන විට ආණ්ඩුවෙන් ඒ කාරණා දෙකම සිදු වී නොමැති බව ද කීය.

මෙම පසුබිම යටතේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් එම ජනතාව අතර පිපිරීමක් ඇති වුවහොත් එය ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

(අංජුල මහික වීරරත්න)