28 C
Colombo
Tuesday, September 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalරට කුසගිනි පාරාදීසයක් වෙලා

රට කුසගිනි පාරාදීසයක් වෙලා

වත්මන් ආණ්ඩුව යටතේ රට කුසගිනි පාරාදීසයක් බවට පත්ව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සූරියවැවදී පෙරේදා (29) පැවසීය.

මන්දපෝෂණය පැතිර ගිය රටක් මේ වන විට නිර්මාණය වී ඇති බව පැවසූ විපක්ෂ නායකවරයා අඩු බර උපත් ඇති දරුවන් වැඩි ප්‍රමාණයක් බිහි වන රටක් ලෙස ශ්‍රී ලංකාව වාර්තාගත වී ඇතැයි ද කීවේය.

අද ආශ්චර්යයට කණකොකා හඬා ඇති නමුත් පාලකයන් නම් අධි පෝෂණයෙන් පෙළෙන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

බෞද්ධකම තුට්ටු දෙකට දමා ජාතිවාදය ආගම්වාදය අන්තවාදය සහ මුසාවාදය ව්‍යාප්ත කළේ මේ ආණ්ඩුව බව පෙන්වා දුන් හෙතෙම ගෙවී ගිය වසර දෙකක කාලයේදී රට අඳුරු පාරාදීසයක් වූ බව ද වැඩි දුරටත් කීවේය.

පහන් විජේසේකර