― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeNewsLocalකර්මාන්තකරුවන් වෙනුවෙන් යුතුකම ඉටු කරමු!

කර්මාන්තකරුවන් වෙනුවෙන් යුතුකම ඉටු කරමු!

‘සතුට පරම ධනය වේ’ යන බුදු වදන නිවැරදිව අපේ ජීවිතවලට ළඟා කර ගනිමින්, රටට විශාල සේවයක් සිදු කරන කර්මාන්තකරුවන් වෙනුවෙන් යුතුකම ඉටු කරමු! –

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ අමාත්‍යංශ නිලධාරීන්ගෙන් ඉල්ලයි

ඉතාම දුෂ්කර අභියෝගයන් දරාගනිමින්, කැපවීමෙන් කටයුතු කර සමූහයකගේ ජීවන තත්ත්වය ද උසස් කරමින් තමන්ගේ රටට විශාල සේවයක් සිදු කරන කර්මාන්තකරුවාට ඉහළම ගෞරවය ලබා දෙමින්, ඔවුන් අපගේ සේවය ලැබීමට ඉහළම සුදුසුකම් ඇති පිරිසක් ලෙස හඳුනාගනිමින් ඒ පිරිසට අපගේ යුතුකම ඉටු කළ හැකි නම් ඒ තුළින් ‘සතුට පරම ධනය වේ’ යන බුදු වදන අපගේ ජීවිතවලට නිවැරදිව එකතු කරගත හැකි යැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පෙන්වාදෙයි. අද (03), 2022 වසරෙහි වැඩ ඇරඹීම වෙනුවෙන් කොල්ලුපිටියේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ සංවිධානය කර තිබූ වැඩසටහනට එක්වෙමින්, ඊට සහභාගි වූ අමාත්‍යංශ නිලධාරීන් අමතා ඒ මහතා මෙසේ පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.”පසුගිය වසර අපට දුෂ්කර අභියෝගාත්මක වසරක් බවට පත්වුණා. මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවය උපරිමයෙන් ම ඉටු කිරීමට අපට උවමනාව තිබුණත් ඒ සඳහා අවස්ථාව නොලැබුණු වසරක් හැටියට තමයි 2021 වසර අපේ මතකයේ රැඳී තිබෙන්නේ. නමුත් යුරෝපා රටවල් යළිත් මේ වසංගතයෙන් ඔත්පල වන විට අද අපට හැකි වෙලා තිබෙනවා, ඒ රටවලට සාපේක්ෂව ඊට තරමක් සාර්ථකව, විශ්වාසයෙන් මුහුණදීමට. ලෝකයේ වැක්සීන්කරණය අතින් පළමු තැන ගන්නා රටවල් 10 අතරට අපට පැමිණීමට හැකිවීම එම සාර්ථකත්වයට හේතු වූවා.

ඒ නිසා අපට රට තුළ සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වා ගෙන යාමට පුළුවන් වී තිබෙනවා. ‘ගෙවී ගිය වසරේ රජයේ ප්‍රමුඛතාව’ගෙවී ගිය වසරේ රජයක් හැටියටත් ‘මොන අභියෝගයෙන් ගැලවෙන්නත් මේ වසංගත අභියෝගයෙන් ගැලවෙන්න ඕනේ. ඊට මුහුණ දිය හැකි ශක්තිමත් තත්ත්වය රටවැසියා තුළ ඇති කරන්න ඕනේ. ඒ වෙනුවෙන් ප්‍රමුඛතාව දිය යුතුයි’ කියන පදනමේ සිටයි අප කටයුතු කළේ. ඒ නිසයි කවර ඩොලර් හිඟතාවක් තිබුණත්, මේ වසංගතයෙන් ගැලවීමට ලෝකය සතු එකම විසඳුම වූ වැක්සීන්කරණයට සාමාන්‍යයෙන් තබනවාට වඩා වැඩි බරක් තබමින් අපේ රජය තීන්දු තීරණ ගනු ලැබුවේ. ‘රැකියා උත්පාදනයට හැකියාව’ එසේ නමුත් ලැබුවාවූ මේ 2022 වසර, ගෙවී ගිය වසරේදී වසංගත තත්වය හේතුවෙන් අත්හැරුණු සේවාවන් ද සමගින් මේ රටේ ස්වදේශික නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන් බලාපොරොත්තු වන සේවාවන් ඉටු කර දිය යුතු වසරක්. බොහෝ අමාත්‍යාංශවලට එන්නේ රැකියා බලාපොරොත්තු වන අය. නමුත් මේ අමාත්‍යාංශයට එන්නේ රැකියා උත්පාදනය කිරීමට හැකියාව තිබෙන අය.

නැතිනම් කර්මාන්ත පවත්වාගෙන යමින් රැකියා උත්පාදනය කර දී ඇති අය. අධ්‍යාපනයෙන් පසුව බොහෝ පිරිසකගේ බලාපොරොත්තුව වන්නේ හොඳ රැකියාවක්. නමුත් කර්මාන්තකරුවා ඉතාම දුෂ්කර අභියෝගයක් දරාගෙන, සාමූහික කණ්ඩායමක් මෙහෙයවා ගෙන, ඉතාම කැපවීමෙන් කටයුතු කරලා, සමූහයකගේ ජීවන තත්ත්වය උසස් කරලා, තමන්ගේ රටට විශාල සේවයක් කරන අයෙක්. මෙම අමාත්‍යාංශයට සේවයක් බලාපොරොත්තුවෙන් එන්නේ එවැනි පිරිසක්. ඒ පිරිසට ඉහළම ගෞරවය, සත්කාරය ලබා දෙමින්, ඒ අය අපෙන් සේවය ලැබීමට ඉහළම සුදුසුකම් ඇති පිරිසක් ලෙස හඳුනාගෙන, ඒ අය වෙනුවෙන් කැපවීමෙන් අපට අපේ යුතුකම ඉටුකරන්න පුළුවන් නම් මම හිතනවා, බුදුරජාණන් වහන්සේ දෙසූ ‘සතුට පරම ධනය වේ’ කියන සංකල්පය අපේ ජීවිතවලට නිවැරදිව එකතු කරගත හැකියි කියා.

මේ රටේ කොතැනක හෝ කර්මාන්තකරුවකු බොහොම අමාරුවෙන් කර්මාන්තයක් අරඹා ඔහුගේ නිෂ්පාදනයක් එළිදක්වනවා දකින විට, ඇතිවෙන සතුට බෙදාහදා ගන්නා පිරිස අතර අපි සියලුදෙනා ම සිටිනවා නම් මේ අමාත්‍යාංශයෙන් ලබාගත හැකි පරම ධනය ඒකයි. ‘මේඩ් ඉන් ශ්‍රී ලංකා’ නාමය සහිත නිෂ්පාදන මේ රටේ වැඩි වැඩියෙන් නිපදවෙනවා නම්, ‘එම නිෂ්පාදන බලගැන්වීම සඳහා අප දැක්වූ දායකත්වයත් ඒ තුළ අකුරකින් හෝ පේළියකින් හෝ ලියවිලා තිබෙනවා’ කියා සතුට ලැබිය හැකි පිරිස තමයි මේ කර්මාන්ත අමාත්‍යාංශයේ ඔබ සියලුදෙනා. ඒ නිසා අපි සියලුදෙනා ඒ සතුට හඹාගෙන යන්නවුන් බවට පත්වෙමු! ඒ සතුට, පරම ධනය යැයි සලකන්නන් බවට පත්වෙමු! එසේ ක්ෂුද්‍ර, සුළු, මධ්‍ය හා මහා පරිමාණ සියලු කර්මාන්තකරුවන්ට ඉහත කී අන්දමින් සේවය සැලසීමේ තම භූමිකාව ඉටු කරමින්, මේ රට, 2022 වසරේ කර්මාන්තකරණයෙන් ජයග්‍රාහීව ඉදිරියට යන රටක් බවට පත් කිරීමට සැමට ධෛර්යය ශක්තිය පතනවා.

“මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්, විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක, අතිරේක ලේකම්වරු ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,මාධ්‍ය ලේකම්,කර්මාන්ත අමාත්‍යාංශය

2022-01-03