මාධ්‍යවේදියා - 11:01


English English සිංහල සිංහල

 

ගෝඨාභය රාජපක්ෂගේ සරත් වීරසේකරගේ ඇම්බැට්ටයෝ දාලා අපිව මර්දනය කරන්න උත්සාහ කරනවා

- Advertisement -spot_img
- Advertisement -spot_imgspot_img

අත්අඩංගුවට ගෙන කඩුවෙල දිසා අධිකරණයට ඉදිරිපත් කළ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව මහතා ඇප මත මුදාහැරීමෙන් පසු මාධ්‍ය හමුවේ කියා සිටියේ ආණ්ඩුව මර්දනය දියත් කර ඇති බවයි .

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව

අද අපි කම්කරු අරගල මධ්‍යස්ථානය විදිහට මාධ්‍ය සාකච්ඡාවක් සංවිධානය කරලා තිබුණා මේ රටේ රාජ්‍ය සේවකයින්ගේ පෞද්ගලික අංශය සේවකයින්ගේ සහ වතු සේවකයින්ගේ වැටුප් සම්බන්ධ අරගලයකට මුල පුරන්න. ඒ සඳහා මාධ්‍ය දැනුවත් කරන්න.
 ඒක තිබුනේ බොරැල්ල එන් එම් පෙරේරා ශාලාවේ. ඒ ශාලාවේ මාධ්‍ය හමුව ඉවරවෙලා මම මගේ මෝටර් සයිකලෙන් බොරැල්ල හන්දියට යනකොට පොලිසියේම කීපදෙනෙක් ඇවිල්ලා නම අහලා වරෙන්තුවක් තියෙනවා කියලා මාව අත්අඩංගුවට ගත්තා.
 ඊට පස්සේ අධිකරණයට අරගෙන ආවා. අධිකරණයේ දී ඔවුන් චෝදනාව විදිහට ඉදිරිපත් කළේ පහුගිය එකොළොස් වැනි මාසෙ නම වෙනිදා අධිකරණ භූමිය ඉස්සරහ පැවතිච්ච ක්‍රියා මාර්ගයකදී අධිකරණයට අපහාස වුණාපොදු දේපළවලට හානි කළා. ඒ වගේම මහජන සාමය කඩ වුණා. මං මාවත් පනත යටතේ තමා කරුණු ගොනු කළේ.


 නමුත් අධිකරණය සියලූ කරුණු විමසල බලල අද ඇප ලබාදීමට තීරණය කළා.
 මේ සිද්ධිය පිටිපස්සේ තියෙනවා මේ රටේ ජනතාවට විශාල පණිවිඩය ක්‌.අපි කියනවා ජනතාවට මේක තේරුම් ගන්න කියලා. පොදු දේපළ පනත යටතේ අද උත්සාහ කළේ පොලීසිය මාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න.
 මේ අධිකරණ කටයුතු ඉවර වෙනතුරු මාව රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්න කියලා තමයි පොලීසිය ඉල්ලා සිටියේ අපි බොහොම පැහැදිලිව දන්නවා මහ බැංකු හොරු දැන් ඉන්නේ නිදැල්ලේ.
 මහ බැංකු හොරකම සම්බන්ධයෙන් උසාවියේ පවතින නඩුවේ චෝදනා  ගණනාවක් ප්‍රතික්ෂේප වෙනවා අපි දැක්කා.
 අඩුම තරමේ නීතිපති දෙපාර්තමේන්තුවට නඩුවක් ගොනු කර ගන්න බැරි තත්වයක් තමයි අපේ රටේ තියෙන්නේ.
 ඒ චෝදනා ලබපු අය අද ආණ්ඩුවත් එක්ක බොහොම සනීපෙන් කරට අත දාගෙන ඉන්නවා. රනිල් වික්‍රමසිංහ තමයි මේ ආණ්ඩුවේ ආර්ථික උපදේශකයා බවට පත්වෙලා ඉන්නේ.
 අර්ජුන මහේන්ද්‍රන් තාමත් සිංගප්පූරුවේ සැප ගන්නවා මේගොල්ලෝ ගිහින් එනවා සිංගප්පූරුවට. අර්ජුන මහේන්ද්‍රන් ගේ න කතාවක් තවම නෑ.
 මේ ආණ්ඩුව බලයට ආවේ පාස්කු ප්‍රහාරයෙන් සමාජයට ඇති වෙච්ච වේදනාව පාවිච්චි කරලා.
 දැන් ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය මතක් කරනකොට අර ගැරඬියාට භූමිතෙල් වගේ තත්ත්වයක් ඇවිල්ලා. පාස්කු ප්‍රහාරයේ ඇත්ත චූදිතයෝ  හොයන්න අවුරුදු ගානක් ගිහිල්ලත් බැරිවෙලා තියනවා.
 මේ අධිකරණයේදී මීට සති දෙකකට කලින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවේ සභාපති වරයා මෙතැනට අරගෙන ආවා.කෝටි දෙකක් වංචා කරලා පොදු දේපළ පනත යටතේ. පොලීසිය ඉල්ලුවේ ඔහුට ඇප ලබා දෙන්න කියලා
 අද උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂයි සරත් වීරසේකර යි  ඒගොල්ලන්ගෙ ඇම්බැට්ටයෝ පාවිච්චි කරලා අපිව හිරේ දාලා දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිව මර්දනය කරන්න.
 ආණ්ඩුව මේ නව වසරේ ආරම්භ කරල තියෙන ක්‍රියාමාර්ගයේ පෙරනිමිත්තක් තමයි මේ පෙන්නුම් කළේ. මේ යන්න හදන විදිය තමයි ප්‍රකාශයට පත් කළේ.
 මේවායින් කිසිම වෙලාවක පෙරටුගාමී සමාජවාදී පක්ෂය වගේ පක්ෂයක් යටපත් කරන්න මර්දනය කරන්න ලෑස්ති වෙන්න එපා. අපි ඒකට ඉඩ දෙන්නේ නෑ. අපි ආණ්ඩුවට අනතුරු අඟවනවා මේ රටේ රාජ්‍ය සේවකයෝ පෞද්ගලික අංශයේ සේවකයෝ වතු සේවකයෝ අපි උඹලට විරුද්ධව සංවිධානය කරනවා.

- Advertisement -spot_img

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest news
- Advertisement -spot_img
Related news