ආණ්ඩුව පත් වෙච්ච දවසෙ ඉඳන් සෑම වසරකම ලක්ෂයක් පන්නා මේ රට අතහැර යන බවත් මේ රටට වෙලා තියෙන මේ වින්නැහියට මෙරට සමස්ත ආණ්ඩුව වගකිව යුතු බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි. විපක්ෂ නායක කාර්යාලයේ අද (04) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියේය.
“මේ නව වසර සුබ නව වසරක් කියලා ප්‍රාර්ථනා කරාට එය මොනතරම් දුරට මල්ඵල ගන්වයිද කියන එක පිළිබඳව වර්තමාන රජය රට කරගෙන යන විදියෙන් සාධාරණ සැකයක් තියෙනවා.
2021 වසරට සාපේක්ෂව ගත්තම ඒ වසර තුළ පමණක් දෙලක්ෂ විසි දාහකට ආසන්න ශ්‍රී ලාංකික ප්‍රමාණයක් රට අතහැර ගිහින් තියෙනවා. එහිදී අපට කල්පනා කරන්න පුළුවන් ආණ්ඩුව පත් වෙච්ච දවසෙ ඉඳන් සෑම වසරකම ලක්ෂයක් පන්නලා මේ රට අතහැරලා යනවා හේතුව මේ රට තුළ ජීවත් වීමේ හැකියාව රටේ ජනතාවට අහිමි වෙමින් පවතිනවා. බලාපොරොත්තු නෑ රට තුළ ආර්ථික අර්බුද ගණනාවකට ජනතාව පත්වෙලා දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ සෞඛ්‍ය කඩාගෙන වැටිලා. ප්‍රවාහන ක්ෂේත්රය කඩාගෙන වැටිලා රාජ්‍ය යාන්ත්‍රණය කඩාගෙන වැටිලා. සාමය නීතිය පිළිබඳ ජනතාව තුළ සැකයක් ගොඩනැගෙමින් පවතිනවා .ඒ සියල්ලක්ම ගත්ත රට අතහැරලා යනවා මිසක් වෙන විකල්පයක් නැති තත්ත්වයට රටේ ජනතාව පත් වෙලා.
ඒ විදිහටම 2022 වුනොත් රටේ කවුරු ඉතුරු වෙයිද කියන එක පිළිබඳව සාධාරණ සැකයක් ඇති වෙනවා.
මේ වෙනකොට මේ රට දැවැන්ත ආර්ථික අර්බුදයකට පත් වෙලා තියෙනවා උද්ධමනයට පත්වෙලා හැම භාණ්ඩයකම මිල තුන් ගුණයකින් වැඩි වෙලා මේ වෙන විට අත්‍යවශ්‍ය භාණ්ඩ පමණක් නොවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ මිල වැඩි වෙලා එවන් තත්ත්වයක් තිබියදී මුදල් ඇමතිතුමා ඇමරිකාවේ ඉඳන් ඇවිත් නින්දෙන් අවදිවෙලා වගේ එකපාරම රුපියල් පන්දාහක් දුන්නා ඒ ගැන අපි සතුටුයි හැබැයි ප්රශ්නය තියෙන්නෙ පන්දාහක් මදි කියන එක එකෙන් කරන්න පුළුවන් මොකක්ද ගෑස් සිලින්ඩරයක් අරගෙන සැමන් ටින් කිහිපයක් ගත්තම හාල් කිලෝ පහක් දහයක් අරන් එළවළු කිහිපයක් ගත්තම පන්දාහයි ඉවරයි එළවළු ගන්න වෙලා තියෙන්නෙ ග්‍රෑම් ගණන් වලට ඒ තරම් ගණන් ඒ නිසා ආණ්ඩුවට කියනවා රුපියල 5000ක් දීලා ඒ විජ්ජාවෙන් මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න උත්සාහ ගන්නවා නම් ඒ 5000න් අහිංසක මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ.
ඒ වගේම මේ රටේ රාජ්‍ය සේවකයෝ ඉන්නවා මිලියන 1.5 ක්. මේ රටේ ඉන්නවා විශ්‍රාමිකයන් 650000 ක්.සමෘද්ධිලාභීන් මිලියන 2.2 ඉන්නවා මේ අයට බියගම තියෙන සල්ලි අච්චු ගහන මැෂිමෙන් අච්චු ගහලා දෙයි රාජ්‍ය නිලධාරීන්ට විතරක් මේ 5000 වැඩි කිරීමෙන් බිලියන 9.48ක් අච්චු ගහන්න වෙනවා එහිදී පෞද්ගලික ක්ෂේත්රයේ වැඩ කරන අය කම්කරුවෝ, ශ්‍රමිකයෝ, ධීවරයෝ, මේ රටේ තේ දලු නෙලන කාන්තාවගේ ඉඳන් අහිංසකද රෙදිපිළි කර්මාන්තයේ නියැලෙන සංචාරක ක්ෂේත්රයේ නියැළෙන අයට මොකද වෙන්නේ.මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න මාධ්‍යවේදීන්ගේ බඩගින්න තේරෙන්නේ නැද්ද මේ ආණ්ඩුවට. ඒ නිසා අපි කියනවා මේ විජ්ජාව කරන්න එපා මේ රටේ සල්ලි මැෂිම තියෙනකං අච්චු ගගහා බෙදයි හැබැයි එය බෙදන්නේ කොටසකට පමණයි අනිත් කොටසට මොකද වෙන්නේ අපි දන්නවා මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න වැඩපිළිවෙළක් කරන්නේ නැතිව සල්ලි අච්චු ගහලා බෙදලා කරන්න මේ ආණ්ඩුව හිතෙනවනම් රටට වෙන්නේ මොකක්ද කියන පිළිබඳව ආර්ථික විශේෂඥ වෙන්න ඕන නැහැ එය තේරුම් ගන්න පුළුවන් .
අද සල්ලි තිබුනත් කිරිපිටි තියෙනවද , ගෑස් තියෙනවද, සිමෙන්ති තියෙනවද, අද සල්ලි තිබුනත් බඩු ගන්න විදියක් නැහැ ඒක නිසා මේ ආණ්ඩුව රටේ ආර්ථිකය දිනෙන් දින අනලා අගාධයට ගෙනියනවා මිසක් දැක්මක් ඇතිව රටේ ආර්ථිකය ගොඩ ගන්න කටයුතු කරන්නේ නැහැ.
දැන් ඇතිවෙලා තියෙන ගෑස් ප්රශ්නයේදී ලිට්ට්‍රෝ සභාපතිවරයාට විරුද්ධව මැති ඇමතිවරු මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා උජාරු කතා කියනවා. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ එහි සභාපති කවුද ජනාධිපතිවරයා ඔහු ඉන්නේ කාගේ යටතේද බැසිල් රාජපක්ෂ මුදල් ඇමැතිවරයා යටතේ ලිට්රෝ සමාගමේ සභාපති වරයා ජනාධිපති අගමැති කැබිනට් මණ්ඩලය මේ ආණ්ඩුව කියන විදියට නෙමෙයිද වැඩ කරන්නේ ඒක නිසා නෙමෙයිද ලිට්රෝ සමාගමේ සභාපතිවරයා ආරක්ෂා කරන්නේ මේ ආණ්ඩුව .රටේ ගෙවල් ගිනිගන්නවා කුස්සි පුපුරනවා අහිංසක කාන්තාවන් කී දෙනෙක් අබ්බගාත වෙලා තියෙනවද ජීවිත අහිමි වෙලා තියෙනවද ඒ වේදනාව ආණ්ඩුවට තේරෙන් නැත්තෙ ඇයි මේ ගිනි ගත්ත ගෙවල් වලට වන්දි මේ ආණ්ඩුව දෙන්නේ නැද්ද එහෙම තියෙද්දි ඊයේ දිනයේත් අපි දැක්කා ගෑස් සිලින්ඩරයක් තෝරනවා රතුපාට ස්ටිකර් එක ගහපු අලුත් ප්‍රමිති ආයතනය සහතික කරපු ප්‍රමිතියෙන් සහිත ගෑස් . එක පැත්තකින් කියනවා සංයුතියේ වෙනස් කරා කියලා එහෙම වෙනස් කරන්නේ කොහොමද පාරිභෝගිකයාව දැනුවත් කරන්නේ නැතුව පාරිභෝගික අධිකාරිය මෙච්චර කල් මොනවද කරේ ඇමතිවරු දෙන්නම මේ සමාගම් වලට කඩේ යනවා අද පැහැදිලියි දූෂණය වංචාව අක්රමිකතාවයන් අමාත්‍යාංශ මට්ටමේ ඇමතිවරුන්ගේ ඉඳන් ලේකම් සභාපති වරු දක්වා ක්‍රියාත්මක වෙනවා මේ කොම්පැනිවල ඩොලර් වලට රුපියල් වලට යටවෙච්ච ඇමතිවරු සභාපතිවරුන් ලේකම්වරු ඉන්න අමාත්‍යාංශයක් තමයි අද මේ ආකාරයට කටයුතු කරමින් සිටින්නේ. මේ රටේ මිනිස්සුන්ගේ වේදනාව තේරෙන්නැහැ මේ ගිණිගන්න කුස්සි හඬන කාන්තාවන් ගේ වේදනාවන් තේරෙන්නේ නැහැ මේ ආණ්ඩුව මේවා දැක දැක අහක බලාගෙන ඉන්නවා මේ රටේ ආදරණීය මව්වරුන් ගිහින් තමන්ගේ ජීවිතය පරදුවට තබලා තමයි ළමයි බත් ටිකක් කන්න දෙන්නෙ ඒක තමයි ඇත්ත මේ රටේ එදා යුද්දෙට ගිය ජීවිත පරදුවට තියලා මේ රටේ තරුණයෝ රට ආරක්ෂා කරන්න අද මේ රටේ අහිංසක මව්වරුන්ට වෙලා තියෙනවා තමන්ගේ ජීවිතේ පරදුවට තියලා දරුවන්ට කෑම ටික හදලා කන්න දෙන්න
ඒ අතරේ ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය ලබා දීලා 20ට අත උස්සලා ද්විත්ව පුරවැසියෙක් පාර්ලිමේන්තුවට ගෙනල්ල එයාට මුදල් ඇමතිකම දීලා වරාය නගරය පනතට අත උස්සලා දැන් කියනවා ආණ්ඩුව ගන්න වැරදි තීරණ රට අපි විරුද්ධයි කියලා ආණ්ඩුවේ ඉදන්ම කියනවා හැබැයි ආණ්ඩුවෙන් ගන්න තියෙන ඔක්කොම සැප ගන්නවා ආණ්ඩුව මතක තියාගන්න මෙරට සමස්ත ආණ්ඩුව වගකියන්න ඕන මේ රටට වෙලා තියෙන මේ වින්නැහියට.
අද රටට බත සපයපු බඩගින්න නිවපු ගොවියෝ ටික අද බඩගින්නෙ මහින්දානන්ද ඇමති තුමා මොකද කිව්වේ බයවෙන්න එපා ගොවිතැන් කරන්න ගොවිතැන් පාළු වුණොත් වන්දි දෙනවා කිව්වා අද ගොවියන්ට වෙලා තියෙන්නෙ වන්දි ඉල්ල ඉල්ල ඇමතිවරයාගේ මේ ආණ්ඩුවේ පස්සේ යන්න අද ගොවීන්ට කියනවා කාබනික පොහොර වගාවට යොදලා තිබුනොත් විතරයි වන්දි දෙන්නෙ කියලා ආණ්ඩුව කොහොමද තක්සේරු කරන්නේ ඒ වන්දි දෙන්න ගොවීන්ට දුන්නු කාබනික පොහොර කියන ඒවා ගෙදර වත් තියාගන්න බැරි වුණා කුණුවෙලා පුපුරලා ගඳ ගහලා ඒ පොහොර නෙමෙයි ඒවා අසුචි ගොඩ කුඹුරට තියා ගෙදරට වත් ගන්න බැරි තත්ත්වයට පත්වෙලා එහෙම තියෙද්දි ගොවියෝ අඬ අඬා මහ පාරේ පෙරළි පෙරළි කිව්වා උද්ඝෝෂණ කරා කෑ ගැහුවා මහින්දානන්දගේ පඹයෝ පිච්චුවා මේ කිව්වේ මේ රටේ අහිංසක ගොවියෝ මේ කාබනික පොහොර කියලා දෙන අපිට එපා ඒවත් එක්ක ගොවිතැනක් කරන්න බැහැ කියලා. මේ රටට වෙච්ච ලොකුම හානිය තමයි රටේ යම්තාක් කාබනික පොහොරවලින් නිෂ්පාදනය කරපු බෝග එළවළු පලදාවක් තිබුණා මේ ආණ්ඩුව ගත්ත අමනෝඥ තීන්දු තීරණ නිසා එදා තිබුණ කාබනික වගාවත් සහමුලින්ම නැති වෙලා ගියා මේ ආණ්ඩුව කරපු ප්‍රධාන වරද තමයි අපේ රටේ තිබුණු කාබනික වගාව විනාශ කරා බොරුවට ගොවීන්ට තර්ජන කරලා කාබනික පොහොරවලට යන්න කියලා ඒ මිනිස්සුන්ට ජරාව දීලා අසූචි දීලා ලෝකෙ ප්‍රතික්ෂේප කරපු පොහොර දීලා මිනිස්සු කරගෙන ගිය කාබනික වගාවක් කරගෙන ඒකත් නැති වුණා මේ රටේ එළවළු බෝග විශාල ඉල්ලුමක් තිබුණේ ඒකත් විනාශ කරා ගොවීන්ට තවදුරටත් කාබනික පොහොර වලින් හදන බෝග ගැන විශ්වාසයක් නැති කරා මේ ආණ්ඩුව එහි වගකීම මේ ආණ්ඩුව භාර ගන්න ඕන ඒ වගේම ආහාර හිඟයක් ඇති වෙන්න යනවා ඒකෙත් වගකීම ආණ්ඩුව බාරගත යුතුයි ආණ්ඩුව දැන් අහක බලාගෙන ඉන්නවා ඇමතිවරයා කියනවා අපි සහනාධාර දෙන්නෙ නැහැ පාඩු වෙච්ච අයට වන්දි දෙන්නේ නැහැ කියනවා. මතක තියාගන්න මේ ගොවීන්ට වන්දි දෙන්න බෑ කියන ආණ්ඩුව ඩොලර් මිලියන 6.7 ක් ගෙවන්න එකඟවෙලා තියෙනවා එක පැත්තකින් නයිට්‍රෝ රජාට මිලියන දෙසීයක් වංචා කරා අහිංසක මිනිසුන්ගේ ලේ දාඩිය කඳුළුවලින් ගෙවන බදු මුදල් තමයි මේ ආණ්ඩුව මේ විදියට හොරකම් කරන්නේ මේ රටේ මිනිස්සු බඩගින්නෙ තියලා .
අපි පැහැදිලිව කියනවා මේ රට බාරගන්න පුළුවන් දැක්මක් තියෙන නායකත්වය දෙන්න පුළුවන් 54 ලක්ෂයක් ඡන්දය දීපු මේ රටේ ප්‍රථම වතාවට මාස දෙකක් ඇතුළත නිර්මාණය කර පක්ෂය පනස් හතරක් මන්ත්‍රීවරුන් බිහිකරපු පක්ෂය සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මොන බලවේග තිබුණත් මොන අභියෝග තිබුණත් මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ බඩගින්න කුසගින්න වේදනාව අඳුරන සජිත් ප්‍රේමදාස මහත්තයා විපක්ෂනායකවරයා හැටියට විපක්ෂයට වෙලා නිකන් හිටියෙ නැහැ හුස්ම වැඩසටහන යටතේ මිලියන සියයකට වැඩි මූල්‍ය දායකත්වයක් ලබා දෙමින් මේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රයේ නගාලීමට සෞඛ්‍ය අංශවලට අවශ්‍ය උපකරණ ලබා දීලා තමන්ගේ යුතුකමට වගකීමට එහා ගිය යුතුකමක් වගකීමක් මේ රට වෙනුවෙන් ඉෂ්ඨ කරා. අද වෙනකොට සක්වල වැඩසටහන යටතේ මේ රටේ ගම්මානවල පරිගණකයක් නැතුව තාක්ෂණය නැතුව දුකෙන් වේදනාවෙන් අධ්‍යාපනය නොලබන දරුවන් සඳහා අධ්‍යාපනය ලබාදෙන්න අද පරිගණක ඇතුළු අධි තාක්ෂණික අධ්‍යාපන උපකරණ ලබා දෙමින් කටයුතු කරනවා. එහෙමයි අපේ නායකයා ඒක නිසා අපි කියනවා සමහර අය හිතනවා බොර දියේ මාළු බාන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා මතක තියාගන්න රට වෙනුවෙන් කිසිම අබමල් රේණුවක දෙයක් කරලා නෑ මේ අවුරුදු දෙක තුළ අපි අහනව ඔයා කතා කරන උන්දලාට ආණ්ඩුවට මුක්කු ගහගෙන ආණ්ඩුව කරන හැම දේකටම එහෙයියො කියාගෙන අර පැත්තෙන් අපේ රටේ සම්පත් විකුනනකොට ඒකට අවුස්සලා දැන් කතා කරනවා නම් සන්ධානගත වෙන්න මතක තියාගන්න මොන සන්ධානය ආවාත් මොන දේශපාලන තීන්දු තීරණ ගත්තත් මේ රටේ 2024 නෙමේයි 2022 ඉඳන්ම මේ රටේ වගකීම බාරගන්න පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස විතරයි එතුමා දූෂකයෙක් මිනීමරුවෙක් නෙමෙයි මංකොල්ල කාරයෙක් නෙමෙයි මේ රටේ අහිංසක ජනතාවගේ බදු මුදල් වංචා කරලා නාස්ති කරලා ඒවාට අනුබල දුන්නා අයව ආරක්ෂා කරන දේශපාලන නායකත්වයක් නෙමෙයි ඒ නිසා අපි ආඩම්බරෙන් කියනවා මේ රටේ වගකීම බාරගන්න තියෙන එකම බලාපොරොත්තුව සජිත් ප්‍රේමදාස මහත්තයා යම් අය උත්සාහ කරනවා නම් එහෙන් මෙහෙන් දේශපාලන ඩීල් දාලා වාසි ගන්න අපි අහගෙන එක්කෙනෙක් කියනවා ආරයා අගමැති කම ගන්නවා කැබිනට් සංශෝධනය කරනවා ඔය ඔලමොට්ටල මොන ක්‍රියාදාමයන් කරත් චිත්‍රපටි මොනතරම් පෙන්නුවත් මේ ආණ්ඩුවට මේ රට ගොඩ ගන්න බෑ මේ ආණ්ඩුවට මුක්කු ගහගෙන ඉන්න අයට රට ගොඩගන්න බැහැ ආණ්ඩුවෙන් සැප විඳින අයට රට ගොඩගන්න බැහැ මේ ආණ්ඩුවෙන් සැප විඳින්නේ මේ රටේ දුක් විඳින ජනතාවගේ දුක කඳුළ වේදනාවෙන් හම්බ කරන බදු මුදල් වලින් ඒ අයට මේ රටේ ජනතාවගෙන් සමාවක් නැහැ මේ රටේ මිනිස්සු වෙනුවෙන් කැපවෙලා කාලය ශ්‍රමය ධනය කැප කරමින් කටයුතු කරන අපේ නායකතුමා එතුමා මේ රටේ වගකීම බාර අරගෙන රට හදන්න සූදානම්.
ආණ්ඩුව පන්දාහක් දෙනවනම් මේ රටේ හැම මිනිහටම දෙන්න හැබැයි සල්ලි අච්චු ගහලා බෙදන නත්තල් පප්පෙක් නම් ඉන්නෙ මතක තියාගන්න ඔය පන්දාහෙ නෝට්ටු විල් බැරක්කයක් අරන් යන්න වෙනවා පාන් ගෙඩියක් ගේන්න එහිදී කල්පනා කරලා බලන්න පාන් ගෙඩි කීයක් ගන්න පුළුවන්ද මේ පන්දාහේන් ඒක නිසා මේ නත්තල් පප්පලා ජිම් පප්පාලා ඔය විජ්යාවල් කරලා මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න බෑ මිනිසුන්ගේ අතට බිලීපිත්ත දෙන්න ඕන මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න. එහෙම නැතුව මිනිස්සුන්ව අන්දලා තවදුරටත් සහනාධාර දිදී ඒවත් අච්චු ගහලා බෙදන්න ගියොත් මොකක්ද වෙන්නේ අද සල්ලි තිබුනත් ගන්න කිරිපිටි තියෙනවද සිමෙන්ති ගෑස් තියෙනවද සල්ලි තිබුනත් ගන්න බඩු තියෙනවද අර බන්දුල පප්පත් කිව්වා සහන මල්ලක් දෙනවා කියලා එකේ සහනය රුපියල් 150 යි . පන්දාහ ලැබුණොත් ගන්න බඩු නැහැ ජීවන වියදම වැඩි වෙලා උද්ධමනය වැඩි වෙලා ඇමතිවරු කතා කරන්නේ රටේ ප්‍රශ්නයක් නැති විදියට හැබැයි භූමිතෙල් පෝලිම් , ගෑස් පෝලිම සිමෙන්ති පෝලිම් , කිරිපිටි පෝලිම් හැමතැනම තියෙනවා .70 පෝලිම් ගැන අහලා තිබුණට දැකලා නැහැ හැබැයි දැන් ඒක අපිට ඇස් දෙකෙන් දකිනවා මේ ආණ්ඩුව රටේ ආර්ථිකය ගොඩ ගන්න නිෂ්පාදන ආර්ථිකයක් ගොඩ ගන්න කරපු එක් කරපු එක දෙයක් පුළුවන්නම් කියන්න.මේ රටේ ව්‍යාපාරිකයන් කර්මාන්ත අධිපතිවරුන් ට අමුද්‍රව්‍ය ටික ගේන්න සී ඕපන් කරගන්න විදිහක් නෑ ඩොලර් මෙට්‍රික් ටොන් තිස්දාහක් වරායේ හිර වෙලා තියෙනවා අත්‍යවශ්‍ය භාණ්ඩ මේ රටේ නිෂ්පාදනය කරන්න අමුද්‍රව්‍ය ගෙන්වන්න ණයවර ලිපි නිකුත් කරගන්න බැරිනම් මේ රටේ නිෂ්පාදනය කොහොමද අපනයනය කරන්නේ මේ රටට ඩොලර් එයිද ඒවා හිරකරගෙන ඉන්නේ ඒක නිසා මේ ආණ්ඩුවට මේක ගෙනියන්න බැහැ නත්තල් පප්පා ජිම් පප්පා සූර පප්පා ආවත් කිසි පප්පේක්ට මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න බැහැ.
මම අභියෝග කරනවා මේ ආණ්ඩුව මැදිහත් වෙලා විදේශ රැකියා මේ රටේ තරුණයන්ට දීලා තියෙනවා කියලා ඔප්පු කරොත් අපි පිළිගන්නවා මෙන්න ආණ්ඩුවට දැක්මක් තියෙනවා කියලා දැක්මක් නැති නිසා තමයි මේ රටේ අහිංසක තරුණ තරුණියෝ කක්කුස්සි හෝදන්න මේ රටේ තරුණ ජීවිත පැත්තකට තියල රට අතහැරලා යන්නේ ආණ්ඩුවට ඕන මේ රටේ තරුණයන් මේ රටෙන් පිට මං කරන්නං එදා කිව්වේ රටවිරුවෝ කියලා අද පේන්නේ තරහා කාරයෝ වගේ ඔවුන්ගෙන් පලි ගන්නවා ඩොලර් ටික ලංකාවට එවන්න විදිහක් නෑ එව්ව ගමන් ඒවා රුපියල් කරනවා රාජපක්ෂ මහත්තයට ඡන්දය දෙන්න ප්ලේන් අරන් ආවෙ ඒ අය ලංකාවට ඇවිත් නිරෝධායනයට යැව්වෙ තරු පහේ හෝටල් වල විශාල මුදලක් එයාගෙන් අය කරා ඒ මිනිස්සුන්ව හිඟන්නන් බවට පත්කරා ආණ්ඩුව ඒක නිසා මේ ආණ්ඩුවට ඕන මේ රටේ ඉන්න අය රට පටවන්න එහෙම කරලා ඒ අයත් ඇමරිකාවට පනින්න බලාගෙන ඉන්නේ.
මේ ආණ්ඩුවේ ඔක්කොම චිත්‍රපටි ජනාධිපති ඇතැම් ඇමතිවරුනට කියනවා ඕගොල්ලෝ අයින් වෙන්න කියලා මේ අය කියනවා නෑ අපි අයින් වෙන්නෙ නෑ අපි වරදක් කරලා නැහැ කියලා ඒක නිසා මේ ඔක්කොම චිත්‍රපටිය මේ ආණ්ඩුව රටේ මිනිසුන්ව අන්දන්න බලාගෙන ඇති හැබැයි හැම මිනිහම හැමදාම දැන් දෙන්න සූදානම් නැහැ ඒක නිසා මේ ආණ්ඩුව මුක්කු ගහගෙන ඩීල් දාගෙන ආණ්ඩුවත් එක්ක කටයුතු කරමින් සැප විඳිමින් ඉන්න අයට අනාගතයේ දී රටේ ජනතාව දුක් විඳින්න අවශ්‍ය කරන පසුබිම සකස් කරලා දෙනවා කියන එක නොඅනුමානයි.”