29.5 C
Colombo
Wednesday, July 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුසිල් ප්‍රේමජයන්ත ඇමති ධුරයෙන් ඉවත් කෙරෙයි

සුසිල් ප්‍රේමජයන්ත ඇමති ධුරයෙන් ඉවත් කෙරෙයි

රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් නෙරපා හැරීමට ජනාධිපතිවරයා නියෝග කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත ඔහු සතු විශේෂ බලතල උපයෝගී කරගනිමින් මෙම තීරණය ගෙන ඇත.

ඊයේ හවස පැවති කැබිනට් මණ්ඩල හමුවේදී ජනාධිපතිවරයා සුසිල් ප්‍රේම්ජයන්ත් රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදයෙන් අදහස් පළ කර ඇති අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ රජයේ අමාත්‍යවරයෙකු ලෙස තනතුරු දරමින් රජයේ ක්‍රියාමාර්ග විවේච්නය කිරීම සිදු නොකළ යුත්තක් බවයි.

පසුගිය ඉරිදා දෙල්කඳ මහජන පොළට පැමිණි රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත එහිදී රූපවාහිනී මාධ්‍ය වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් රජයේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙළ දැඩි ලෙස විවේචනය කළ අතර කෘෂිකර්ම අමාත්‍යවරයා සහමුලින්ම අසමත් බව එහිදී කියා සිටියේය.