25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅපි නැත්නම් ආණ්ඩුවට සීයයට 50ක් ගන්න බෑ

අපි නැත්නම් ආණ්ඩුවට සීයයට 50ක් ගන්න බෑ

ආණ්ඩුවෙන් ඉවත් විය යුතු වේලාව මධ්‍යම කාරක සභාව හා එක්ව තීරණය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

ඊයේ (04) මාතලේදී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව සඳහන් කළේය. එසේ වුවත් ආණ්ඩුව තුළ රැඳී සිටින කාලය තුළ රට වැරදි මාර්ගයක ගෙන යාමට ආණ්ඩුව නියෝජනය කරන නිදහස් පක්ෂයේ 14 දෙනාගේ ඡන්දය ලබා නොදෙන බවත් තම පක්ෂය සමග එකතු විය හැකි ගැළපෙන සෑම පක්ෂයක්ම එකතු කරගන්නා බවත් ඔහු වැඩිදුරටටහ් ප්‍රකාශ කළේය.

තවද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 නොතිබුණි නම් පසුගිය ජනාධිපතිවණයේදී ආණ්ඩුවට ඡන්ද 50%ක් ලබා ගැනීමට නොහැකි වනු ඇති බවත් එලෙස ජනාධිපතිවරයා බලයට පත් කිරීමට කටයුතු කළ බැවින් විවේචනය කිරීමට ද නිදහස් පක්ෂයට අයිතියක් ඇති බවත් ඔහු පැවසීය.

“එළියට යන්න ඕනෑ වෙලාව අපේ මධ්‍යම කාරක සභාවත් එක්ක අපි තීන්දු කරනවා. හැබැයි ඉන්නකන් මේ රට වැරදි මාර්ගයක ගෙනයන්න අපේ ඡන්ද 14 දෙනාගේ ඡන්ද දෙන්න අපි සූදානම් නෑ. අපිත් එක්ක එකට එකතු වෙන්න පුළුවන් ගැළපෙන හැම පක්ෂයක් ම අපි එකට එකතු කර ගන්නවා. මේකෙ තනි ගමනක් නෑ කාටවත්. කවුරුහරි එහෙම විශ්වාස කරනවා නම් මොළේ අමාරුවක් වෙන්න ඕනෑ තියෙන්නේ කාට හරි.”