28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalලක්ෂ 100ක අයිස් සමග 4ක් දැලේ

ලක්ෂ 100ක අයිස් සමග 4ක් දැලේ

රුපියල් ලක්ෂ එකසිය හතරක් පමණ වටිනා අයිස් කිලෝ එකයි මිලිග්‍රෑම් විස්සක් සමග ත්‍රිකුණාමලය වරායේ සේවයේ නියුතු බව කියන ප්‍රධාන සැකකරු ඇතුළු හතර දෙනෙකු අද (5) අඟුලාන මංසන්ධියේදී අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිසිය පවසයි.

බස්නාහිර බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදුකල සෝදිසියේදී සුඛෝපභෝගී කුළී රියකින් ප්‍රවාහනය කරමින් තිබු බව කියන අයිස් අත්අත්අඩංගුවට ගෙන ඇත. වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටල් දෙකක කාමර දෙකක් වෙනත් අයගේ නමින් වෙන් කරවාගෙන එක් කාමරයක මත්ද්‍රව්‍ය පමණක් තබා අනිත් කාමරයේ ලැගුම් ගනිමින් සිට මෙම ජාවාරම සුඛෝපභෝගී කුලී රථ සේවාවක් යොදාගනිමින් මෙහෙයවා ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනයේදී හෙළි වූ බව පොලිසිය කියයි.

මෙහි ප්‍රධාන සැකකරු මීට පෙර ඇඟලුම් ව්‍යාපාරයක නිරත වූ පුද්ගලයකු වන අතර ඔහු රාත්‍රී සමාජශාලා සහ කැසිනෝවල නිරතවීම නිසා බංකොලොත් වී ඇති බව පොලිසිය අනාවරණය කරයි.