24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsභානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

භානුක රාජපක්ෂ ක්‍රිකට් පිටියට සමුදෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ ඊට අදාළ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත පසුගිය සඳුදා බාර දී ඇති බවයි.

ක්‍රිකට් ආරංචි මාර්ගවලට අනුව භානුක රාජපක්ෂ සිය විශ්‍රාම යාමේ ලිපියේ සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් හඳුන්වා දී ඇති නවතම ශාරීරික යෝග්‍යතා ප්‍රමිතීන් සමඟ තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩා කිරීමට තමාට නොහැකි වනු ඇති බවයි.

නව සංශෝධනවලට අනුව මිනිත්තු 8.35 සීමාව තුළ ධාවනය හමාර කරන ක්‍රීඩකයින් තෝරා ගැනීම සඳහා සුදුසුකම් ලබන නමුත් එම ක්‍රීඩකයින් අපේක්ෂිත ඉලක්කයට ළඟා වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වාර්ෂික කොන්ත්‍රාත්තු ගාස්තුවෙන් ප්‍රතිශතයක් රඳවා ගැනීමටත් යෝජනා වී තිබේ.