මහනුවර, ගැටඹේ, දෙවන රාජසිංහ මාවතේ හෝටලයක වායුසමීකරණ යන්ත්‍රයක් පිපිරීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
පොලීසිය සඳහන් පැවසුවේ ඊයේ (04) දහවල් 1.00ට පමණ එම පුද්ගලයා වායු සමීකරණ යන්ත්‍රය අලුත්වැඩියා කිරීමට ගිය අවස්ථාවේදී එය පුපුරා ඇති බවයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.