28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කෙරේ

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කෙරේ

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

මේ අතර 2020 වසරේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර පත්වීම් ලබාදීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

අභ්‍යාසලාභී උපාධිධාරීන් 51,682කු සඳහා මෙලෙස ස්ථීර පත්වීම් ලබාදීමට නියමිතයි.

ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පුර්ණ කළ උපාධිධාරීන් සඳහා ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර පත්වීම් ලබා දි ඇති අතර වසරක පුහුණුව සම්පූර්ණ නොමැති උපාධිධාරීන් සඳහා අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර පත්වීම් ලබාදීමට නියමිත බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේ ය.