එළඹෙන අලුත් අවුරුදු සමය වන විට සහල් කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
එහි සභාපති මුදිත් පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ, පොහොර හිඟය හේතුවෙන් ප්‍රමාණවත් පරිදි මේ වන විටත් සහල් නිෂ්පාදකයන් වෙත වී තොග නොලැබීම ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් උදාවීමට හේතුව වන බවයි.
වෙන ත් වසරවල මහ කන්නයේදී මෙම කාලය වන විට මෝල් හිමියන් වෙත වී තොග ලැබී තිබුණු බව ඔහු පැවසී ය.
නමුත් පොහොර ගැටලුවත් සමග ගොවියන් මෙවර මහ කන්නයේ වගා කිරීම් ප්‍රමාද කිරීම හේතුවෙන් මෝල් වෙත මෙතෙක් නව වී තොග ලැබී නොමැති බැවින් එළඹෙන මාසය වන විට රට තුළ විශාල සහල් හිඟයක් ඇති විය හැකි බවට සභාපතිවරයා අනතුරු ඇඟවීය.
ඒ හේතුවෙන් ඉදිරියේදී සහල් පෝලිම්ද ඇතිවීම වැළැක්විය නොහැකි බව ඔහු ප්‍රකාශ කළේය. මෙම වසර තුළ සහල් මෙ.ටො. 8ක් හෝ 10ක් ආනයනය කිරීමට ආණ්ඩුවට සිදු වනු ඇති බවටත් සභාපතිවරය පැවසීය.
වසංගත සමයකින් පසු ආහාර අර්බුදයක් ඇති විය හැකි වුවද මෙරට තුළ මේ ඇතිවෙමින් පවතින තත්ත්වය ආණ්ඩුව ‘අඬගසා ගෙන්වා ගත් තත්ත්වයක්’ යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.