දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට මේ වන විට විශාල වශයෙන් කහ සහ ඉගුරු තොග ලැබෙමින් පවතින බැවින් ආර්ථික මධ්‍යස්ථානය තුළ වෙළදසැල්වල ඇති කහ සහ ඉගුරු තොග මිල මේ දිනවල ඉතා පහල මට්ටමක පවතී.
කෙසේ වෙතත් තවමත් වියළි කහ කුඩු කිලෝවක් මේ රටේ ජනතාව මිලදී ගන්නේ රුපියල් 2000ක පමණ මිලකටයි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය තුළ මිට මාස තුනකට ඉහතදී කහ කිලෝවක් රුපියල් 400ක පමණ හොද මිලක් ලැබුණද මේ වන විට මධ්‍යස්ථානය තුළ කහ සහ ඉගුරු කිලෝවක තොග මිල දැක්වෙන්නේ රුපියල් 150කටත් අඩු මුදලකටය.
රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව දේශීය කහ වගා කිරීමට ගොවින් පෙළඹුනද මුල් කාලයේම මෙලෙස මිල පහළ වැටීම තුළ මෙම වගාවෙන් ගොවින් ඈත්විය හැකි බව දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන වියාපරිකයන් පවසයි. මීට විසදුමක් ලෙස දේශීය කහා ගොවියාගේ අනාගතය ගැන රජයේ අවධානය යොමු විය යුතු බව ඔවුන් පෙන්වා දෙන අතර දේශීය කහා කිලෝග්‍රෑම් 7ක පමණ ප්‍රමාණයකින් වියළි කහ කුඩු කිලෝවක් නිෂ්පාදනය කර ගත හැකි බවද ඔවුන් අවධාරණය කරයි.