25 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsතමාට සිනහ වූවන්ට, සිනහවෙන්ම පිළිතුරු දුන් ලොවක් දිනූ සුරූපිනිය

තමාට සිනහ වූවන්ට, සිනහවෙන්ම පිළිතුරු දුන් ලොවක් දිනූ සුරූපිනිය

“මා පාසල් යන විට බොහෝ විට පන්තියේ ළමයින් මාව සමච්චලයට ලක් කළා. මට තිබෙන්නේ ඉතාම කැත කකුල් දෙකක් යැයි ඔවුන් පැවසුවා. නමුත් අද මගේ දෙපා වෙළෙද නාම 12ක් අලෙවි කිරීමට දායක වෙනවා”
💙ඇය අන් කිසිවෙකු නොව, ආසියාවේ සරාගීම කාන්තාව ලෙස වැඩිම වතාවක් වාර්තාගත විරුදාවලිය ලැබූ බොලිවුඩය මෙන්ම හොලිවුඩයද දිනූ සුපිරි තාරකාව, ප්‍රියංකා චොප්රා ය.
ඇය 2000 වර්ශයේ ලෝක රූ රැජින ලෙස කිරුල පලඳා වසර 21ක් සම්පුර්ණ වන අද දින සාර්ථකත්වයට හුදෙක් වාසනාව පමණක් ප්‍රමාණවත් නොවන බවත් අප්‍රතිහත ධෛර්යය, ඉවසීම, කැපවීම හා දක්ශතාවය මෙන්ම හොඳ හදවතක්ද අවැසි බව ලොවට පහදා දුන් ඇගේ ඒ විජයග්‍රාහී ගමන් මගේ ඈ විසින් තබන ලද නොමැකෙන මතක සටහන් පෙලක් මෙසේ ආවර්ජනය කිරිමට කැමැත්තෙමි.
💙ගගනගාමී ඉංජිනේරුවරියක් වීමට සිහින දුටු මේ ළාබාල යුවතියගේ මව විසින් මිස් ඉන්දියා තරගාවලියට ඇයටත් නොපවසා යවන ලද අයදුම් පත හේතුවෙන් ඇයට එම තරගයට අනපේක්ෂිත ලෙස මුහුණ දීමට සිදු වුවත් ඒ වන විට අවුරුදු 18ක් වැනි ළාබාල වයසකදි ඉන්දිය රූ රැජිණ ලෙස ජය ලබා අනතුරැව ලෝක රූ රැජිණ කිරුළ හිස පැලදි අතර, ඒ තවමත් එම කිරුළ ලබාගත් ළාබාලතම ඉන්දීය රූ රැජිණ ලෙස ඉතිහාසගත වෙමිනි. එමෙන්ම ඇගේ පූර්වගාමියා වු යුක්තා මූඛී ගෙන් පසුව ඉන්දියාව වෙනුවෙන් පිට පිට ලෝක රූ රැජින කිරුළ දිනා ගනිමින් ඉතිහාසගත වූ ප්‍රථම රූ රැජිණ ලෙසද ඇය තවත් නොමැකෙන සටහනක් තැබුවාය.
💙එතැන් පටන් ඇරඹි ඇයගේ සිනමා දිවිය කෙටි කාලයක් තුළ බොලිවුඩයෙහි වර්ණවත් පරිච්ඡේදයකින් සැරසූ ප්‍රියංකා චොප්රා තම අසීමිත දක්ශතාවය විදහා දක්වමින් තමා හුදු සර්ව පිත්තල රූ රැජිණක් පමණක් නොව හොද හැටි රඟපෑමටද හැකි බව පෙන්වමින් වර්තමානය වන තුරු වසර 18ක සිනමා දිවිය තුළ 60කට අධික චිත්‍රපට ප්‍රමාණයක් සිය විශිෂ්ට රංගනයෙන් වර්ණවත් කළා ය.
එමෙන්ම බොලිවුඩයේ ඉහලම සිනමා සම්මාන උළෙල වන ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේ ඉතිහාසයේම නිලියකට ගත හැකි සම්මාන පහම දිනූ එකම නිලිය ලෙසත්, ඉන්දීය ජාතික සිනමා සම්මාන දෙකක් ද, පද්ම ශ්‍රී සම්මානය ද ,සිදු කල විශිෂ්ඨ සමාජ සේවය උදෙසා පිරිනැමෙන මදර් තෙරේසා අනුස්මරණ සම්මානය ද, ආදී සියළු සම්මානයෙන් පිදුම් ලද එකම ඉන්දීය රූ රැජිණ ලෙස අදටත් වැජඹෙන්නේ ය.එමෙන්ම ථමිzහන්, Mඅර්ය් කොම්, ථෙ වන්ටිලටොර්, ඪිල් ඪදක් නෙ ඩො වැනි චිත්‍රපට වලට ඇය තම මියුරු කටහඩින් පසුබිම් ගීත ගායනයටද වරම් ලැබුවා ය. ආදායම් අතින් අතිසාර්ථක ඹ්ලොcක්බුස්ටෙර්, Hඉට්, Sඑමි හිට් චිත්‍රපට වල එතෙක් මෙතෙක් වැඩිම දායකත්වය දැරූ චිත්‍රපට නිලියන් පස්දෙනා අතරටද ඇය එක් වි හමාරය. ඇය අද වන විට ඇයගේම “ඵුර්ප්ලෙ ඵෙබ්බ්ලෙස් ඵිcටුරෙස්” නමින් චිත්‍රපට නිශ්පාදන ආයනයක හිමිකාරිනියද වන්නේය.
බොලිවුඩයේ බිහි වූ ප්‍රථම කාන්තා කේන්ද්‍රීය ක්‍රීඩා චරිතාපදානය වූ “Mඅර්ය් ඛොම්” චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කරන්නටද ප්‍රියංකා චොප්රා වරම් ලද අතර, 2011 දී “Wහට්’ස් යොඋර් රශී” චිත්‍රපටයෙහි එකිනෙකට වෙනස් චරිත 12ක් නිරූපණය කරමින් එකම චිත්‍රපටයක් තුළ වැඩිම චරිත ගණනක් රගපෑ සිනමා තාරකාව ලෙස ගිනස් වාර්තාවක් ද පිහිටවූවා ය.
එසේම බොලිවුඩයේ වැඩිම ර්‍එමකෙ චිත්‍රපට සංඛ්‍යාවක් රංගනය කල නිලිය ලෙස සුපිරි නලු අමිතාබ් බච්චන් රග පෑ චිත්‍රපට 4කම ඇය රංගනයෙන් දායක වුවාය.(දෝස්තානා, ඩොන්, අග්නීපත්, සන්ජීර් )
කොලිවුඩයෙන් සිය සිනමා ගමන ආරම්භ කර, බොලිවුඩය තුළ වර්ණවත් මතක සටහන් ගොන්නක් තබා එයිනුදු නොනැවතුණු ඇය, හොලිවුඩයේද නොමැකෙන මතක සටහන් තබමින් වර්තමානයේ ජාත්‍යන්තර වශයෙන් ජනප්‍රියත්වයට පත් වූ නිළියක් බවට පත්ව ඇත.
එමෙන්ම ඇමෙරිකානු රූපවාහිනි කතා මාලාවක ප්‍රධාන චරිතය නිරූපණය කිරීමට වරම් ලද ප්‍රථම ඉන්දිය තාරකාව ලෙස Qඋඅන්ටිcඔ නම් ටෙලි කතා මාලාවෙහි ප්‍රධාන චරිතය නිරූපණය කිරිම වෙනුවෙන් ඇමරිකානු ඵෙඔප්ලෙ’ස් ඡොඉcඑ ඇවර්ඩ් උළෙලෙහි සම්මාන දිනාගත් ප්‍රථම දකුණු ආසියානු නිළිය ලෙස ද වාර්තාවක් පිහිටවුවා ය. ඹය්වට්ච්, ඇ ඛිඩ් ළිකෙ Jඅකෙ, Wඑ cඅන් බෙ හෙරොස්, ඓස්න්ට් ඉට් ර්‍ඔමන්ටිc යන හොලිවුඩ් චිත්‍රපට වලටත් ඉදිරියේදි තිරගත වීමට නියමිත ඨෙxට් Fඔර් ‍යොඋ , ථෙ Mඅට්‍රිx 4 යන සුපිරිචිත්‍රපට ද්විත්වයේද , Cඉටඩෙල් නම් ක්‍රියාදාම ටෙලි නාටක මාලාවෙහිද ප්‍රධාන චරිත නිරැපනයෙන් දායක වෙමින් හොලිවුඩය තුළද සාර්ථක දිගු ගමනක ඇය නිරත වන්නී ය.
💙සිනමාව තුළින් මෙන්ම සමාජ ක්‍රියාකාරිනියක් ලෙසින් ද ලොව බොහෝ දෙනාගේ හදවත් දිනා ගැනීමට ඇය සමත් වූයේ පිටතින් පෙනෙන සුන්දරත්වය හා සමානවම සුන්දර හදවතක් තමාට ඇති බව කියා පාමිනි.2006 සිට වර්තමානය දක්වාම UණෛCEF කාන්තා හා ළමා අයිතීන් උදෙසා වු අන්තර්ජාතික සන්නාමපතිනිය ලෙස ලොව බොහෝ දිළිදු හා මානව හිමිකම් අහිමි වූ අහිංසක දරුවන් හා කාන්තාවන් වෙනුවෙන් කොන්දේසි විරහිතව ඇය පෙනී සිටි අතර, සිරියානු යුධ ගැටුම් හේතුවෙන් අවතැන් වුවන් ගේ සිට, දරිද්‍රාවයෙන්, මන්දපෝෂණයෙන් පෙලෙන සියලුම අප්‍රිකානු රටවල මෙන්ම ලොව පුරා සංචාරය කරමින් ඔවුන්ගේ තත්වය පිළිබඳ සොයා බලමින් විශේෂයෙන්ම කුඩා ගැහැණු දරුවන්ගේ අධ්‍යාපන හා සමානාත්මතා අයිතිවාසිකම් නගා සිටුවීමෙහිලා ඇය අසීමිත මෙහෙවරක් ඉටු කළා ය.
එම අසමසම මෙහෙවර වෙනුවෙන් ඇගයුම් ලබමින්,
🔴වර්ෂ 2016 දී පද්ම ශ්‍රී සම්මානය
🔴වර්ෂ 2017 දී Mඔතෙර් ඨෙරෙස අනුස්මරණ සම්මානය (එම සම්මානයෙන් පිදුම් ලැබූ දෙවන හා අවසන් බොලිවුඩ් තාරකාව ලෙස)
🔴වර්ෂ 2019 දී ඪන්න්ය් ඛයෙ Hඋමනිටරිඅන් ඇවර්ඩ් ෆ්‍රොම් UණෛCEF
ආදී සම්මානවලින් ප්‍රියංකා චොප්රා පිදුම් ලැබුවා ය.
💙තම ආසියාතික සමේ දුඹුරු පැහැය නිසා පාසලේදි, සිනමා කර්මාන්තයේදි, සමාජයේදි ගැරහීමට, කොන් කිරීමට ලක් වූවද, මේ දිරිය දියණිය කිසිදු තරු පවුලක සිට නොපැමිණියත්
බොලිවුඩයේ සුපිරි තාරකාවගේ ස්ථානයට පැමිණ අනතුරුව සුපිරි හොලිවුඩ් ගායකයන් වන පිට්බුල්, එකෝන් ලා සමග හරි හරියට ගී ගැයුවා ය. 2021 බිල්බෝඩ් සම්මාන උළෙල හා ඉකුත් සැප්තැම්බරයේ පැරීසියේදි ඝ්ලොබල් Cඉටිzඑන් ප්‍රසංගය ද සජිවී ඉදිරිපත් කිරිමෙන් ද, 2021 ඔස්කාර් සම්මාන උළෙලේ සියලු නාමයෝජනා ඉදිරිපත් කිරිමෙන් මෙන්ම අවුරුදු කිහිපයක සිටම තම පෞරැෂත්වයෙන් ඔස්කාර්, කෑන්ස්, මෙට් ගැලා යන අන්තර්ජාතික උත්සවයන්හිදී රතු පලස ද වර්ණවත් කලාය. ගෝලිය වශයෙන් අතිශය ජනප්‍රිය ථෙ Mඅxෆcටොර්, ඹ්ව්ල්ගරි Jඑවෙල්ලෙර්ය්, Hඇර්‍Mඇණ්, ඹුම්බ්ලෙ, ඇප්ප්ය් Fඉzz, Sච්මිට්ටෙන් ලුxඋර්ය් ඡොcඅලටෙස් වැනි නිශ්පාදන වල ගෝලිය සන්නාමපතිනිය මෙන්ම, ළුx, ඵන්ටෙනෙ, ඝර්නීර්, ණොකිය, Sඅම්සුන්ග්, ණිකොන්, Cඔල්ගටෙ, ඇස්සම් ඨොඋරිස්ම්, ඵෙප්සි, Hඑරො Mඔටොර්Cඔර්ප් ආදී නිශ්පාදන සිය ගණනක සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කලාය.
💙2010 දී ප්‍රියංකා චොප්රාට ඉතාලියේ ෆ්ලෝරන්ස් හි පිහිටි සුප්‍රසිද්ධ සැල්වෝටෝර් ෆෙරාගාමෝ කෞතුකාගාරයට ආරාධනා ලැබ ඕඩ්රි හෙප්බර්න් සහ මැර්ලින් මොන්රෝ වැනි අය සමඟ එහිදි එක් වූ පලමු බොලිවුඩ් නිලිය ලෙස ඉතිහාසගත වුවාය. ඇය 2011 දී නිව් යෝර්ක්හි මාධ්‍ය, අලෙවිකරණ සහ විනෝදාස්වාද සංගමයේ (SඇMMඈ දකුණු ආසියානුවන්ට පිරිනැමු ට්‍රේල්බ්ලේසර් සම්මානය හිමි පලමු බොලිවුඩ් නිලිය ලෙසත්, 2012 දි ලොස් ඇන්ජලීස් හි නිර්මාණාත්මක කලාකරුවන්ගේ ඒජන්සිය විසින් (ථෙ Cරේටිවෙ ඇර්ටිස්ට්ස් ඇගෙන්cය් ඔෆ් ළොස් ඇන්ගෙලෙස් ) ඇය නිර්මාණාත්මක කලාකරුවෙකු ලෙස අත්සන් කරමින් එසේ පිලිගැනීමකට ලක් වු පළමු බොලිවුඩ් නිළිය ලෙසත්, Mඔබි- Sඑරීස් කතා මාලාවක් නිෂ්පාදනය කළ පළමු බොලිවුඩ් නිළිය ලෙස කථාංග 14 ක් සහිත ‘ඓට්ස් Mය් Cඉට්ය්’ නම් වූ වාණිජ්‍ය කතා මාලාවක් නිශ්පාදනය කරමිනුත්, ලෝ ප්‍රකට ඨිමෙ Mඅගzඉනෙ සඟරාව විසින් ප්‍රකාශයට පත්කල ලොව පුරා සිටින වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගේ ලැයිස්තුවට එක් වෙමින්ද, 2018 දි Fඔර්බෙස් විසින් නම් කල ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට පත් වෙමින්ද, එක්සත් ජනපදයේ ඨිමෙ Mඅගzඉනෙ කවරය හැඩකල එකම ඉන්දියානුවා ලෙසත්,
ඇය අද්විතිය කඩඉම් කිහිපයක්ම ලගා කරගත්තාය. එවකට එක්සත් ජනපද ජනාධිපති බැරැක් ඔබාමා විසින් වාර්ෂිකව පවත්වනු ලබන ධවල මන්දිර රාත්‍රී භෝජන සංග්‍රහයට ද ප්‍රියංකා ආරාධනා ලැබීය. ජිමී ෆැලන්, ජිමී කිම්ල්, ගුඩ් මෝර්නින් ඇමරිකා සහ ලයිව් විත් කෙලී ඇන්ඩ් මයිකල් ඇතුළුව වඩාත් ජනප්‍රිය ම වැඩ සටහන් වලත් ඇය පෙනී සිටිමට වාසනාවන්ත විය.
2017 වසරේදි ලොව සුන්දරතම කාන්තාවන් අතර දෙවැනි තැන ඇය හිමිකරගත්තේ සුරූපී හොලිවුඩ් හා බොලිවුඩ් නිලියන්ද අභිබවා යමිනි.
එමෙන්ම එක්සත් ජනපදයේ කීර්තිමත් සඟරා වන එලී, ඉන්ස්ටයිල්, කම්ප්ලෙක්ස් සහ එමී වැනි සගරා කවර ඇය විසින් වර්ණවත් කරමින් ජර්මනිය, මැලේසියාව සහ ඉතාලිය ආදි ලොව පුරා සඟරා කවර වල මුල් පිටු සැරසිමට තරම් ඇය වාසනාවන්ත වුවාය.
වර්තමානයේ Fඅcඑබූක්, ඓන්ස්ටග්‍රම් ආදී සමාජ මාධ්‍යන්හි වැඩිම අනුගාමිකයන් සිටින බොලිවුඩ් නිලිය ලෙසත් ඉන්ස්ටග්‍රම් හි වැඩිම අයකිරීමක් කරන කිර්තිමත්ම ආසියාතිකයා ලෙස 2019 සිට හදුන්වයි.(ඇසිඅ’ස් බෙස්ට්-පඉඩ් cඑලෙබ්‍රිට්ය් ඉන්ෆ්ලුඑන්cඑර්). අවසානයේ ඇගේ අතිනත ගත් සැමියා වුයේද ඇමරිකානු සුදු ජාතික පොප් ගායකයකු වන නික් ජොනාස් ය. ඇය මෑතකදි නිව්යෝර්ක් නගර මධ්‍යයේ “Sඔන” නමින් ඇයගේම අවන්හලක් විවෘත කල අතර ඇගේ නිශ්පාදනයක් වන “ඇනොමල්ල්ය් Hඅඉර් Cඅඉර්” නම් රූපලාවන්‍ය නිශ්පාදන පෙලක්ම හදුන්වා දුන්නා ය. වෘත්තීමය ගමන් මගේ ඉහලම සන්ධිස්ථානය පසු කරමින් සිටින ඈ “Uන්ෆිනිශෙඩ් ” නම් ස්වයං චරිතාපදාන ග්‍රන්ථය ද එලිදැක්වුවාය. එම ග්‍රන්ථය 2022 වසරේ 64 වන ඝ්‍රම්ම්ය් සම්මාන උළෙලේ “ඹෙස්ට් Sපොකෙන් Wඔර්ඩ්” ලෙස නාමයෝජනා අතරට තේරී පත් විය. ඇය අද වන විට ගීත රචිකාවියක්, නිශ්පාදිකාවක්, ලේඛිකාවක්, දක්ෂ ව්‍යවසායිකාවක්, රටින් රටට යමින් නායකත්වය හා අභිප්‍රේරණය පිලිබද සම්මන්ත්‍රණ පවත්වන දේශකවරියක් ලෙස කාර්ය බහුලව සිටියි.
💙ඇගේ නොනවතින ගමන් මගේ ඇගේ
ජයග්‍රහණයන් පිලිබද ලිවීම අවසන් කිරිමට බැරි තරම් දීර්ඝ වන්නේ ය.
💙නමුත් පැවසීමට සත්‍ය සාරාංශයක් ඇත.
ඒ ප්‍රියංකා චොප්රා නම් වු ඇය ,
රූපශ්‍රියෙන් හා පෞරැෂයෙන්, රංගනයෙන්, ගායනයෙන්, මානුශියත්වයෙන්, තරු ගූණයෙන් හා අනෙකුත් බහුවිධ දක්ෂතාවන්ගෙන් ලෝකය දිග්විජය කල බවයි. ඇය අසමසම වන්නේ ඒ නිසා ය.
රූ රැජිණක්, උදාර කාන්තාවක් ලෙස ඇගේ ජීවිතයෙන් ගත හැකි ආදර්ශයන් මෙපමණැයි කිව නොහැකි ය. ජීවිතය වඩාත් සුන්දර වන්නේ පැමිණෙන බාධාවන් සහ ශක්තීන් හදුනාගෙන දුර්වලතා යටපත් කර එයට සෘජුව නොබියව, දක්ෂතාවන්ගෙන් සන්නද්ධව මුහුන දීම හරහා ලබා ගන්නා ආත්ම තෘප්තියෙන් බව මේ අසමසම කාන්තා පෞරැෂය අපට පසක් කර දුන්නා ය.
“ජීවිතය ඔබට දොඩම් ලබා දෙන විට ඔබ එයින් මිදි යුෂ හදන්න, පසුව ඔබ එය කළෙ කෙසේදැයි කියා මිනිසුන් පුදුම වන ආකාරය පිටුපසට වී බලා හිඳ ඒ සතුට අත් විඳින්න”
~ ප්‍රියංකා චොප්රා ~

Special thanks and photo credits goes to Banuka Kasun ❤️🔥

Tharukaa Wijekoon