29 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනොවැක් ජොකොවිච් ඔස්ට්‍රේලියාවෙන් නෙරපයි

නොවැක් ජොකොවිච් ඔස්ට්‍රේලියාවෙන් නෙරපයි

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට සහභාගී වීම සඳහා පැමිණ සිටි ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා වන නොවැක් ජොකොවිච්ගේ වීසා අත්හිටුවීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර තිබේ.

ඔස්ට්‍රේලියාවට පැමිණ මෙල්බර්න් ගුවන්ටෝටුපොළේ රැඳී සිටි ජොකොවිච්ට එරට බලධාරීන් විසින් දැනුම්දී ඇත්තේ ඔහු ඔස්ට්‍රේලියාවට ඇතුළු වීමට අවශ්‍ය රෙගුලාසි සම්පූර්ණ කර නොමැති බවයි.

ඒ අනුව ඔහුව එරටින් නෙරපීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.
එරටින් පිටත්වන ගුවන්යානයක ආසනයක් වෙන්කරන තුරු ජොකොවිච්ව රජය මගින් පාලනය වන රැඳවුම් මධ්‍යස්ථානයක් කරා යැවීමට නියමිතය.

ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියට එක්වීම සඳහා ඔහුට ‘එන්නත් ලබා නොගැනීම’ හේතුවෙන් සහනයක් දීමට එරට ටෙනිස් බලධාරීන් එකඟ වී තිබේ. නමුත් ඊට ඔස්ට්‍රේලියානු ජනතාවගෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි.

ජොකොවිච් කොවිඩ් එන්නත ලබාගැනීම ප්‍රතික්ෂේප කළ අයෙක් වන අතර ඔහුට වරක් කොවිඩ් ආසාදනය විය. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් පවසා ඇත්තේ සියලු දෙනාට නීතිය එක ආකාරයෙන් ක්‍රියාත්මක වන බවය.