30 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි එකහමාරකට ආසන්න මුදලක් සමග ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ ඊට ආධාර අනුබල දුන් පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව තංගල්ල ප්‍රදේශයේදී එම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.

මුහුදු මාර්ගයෙන් බහුධින ධීවර යාත්‍රා උපයෝගි කරගෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවෙකු ජාවාරම සඳහා යොදාගනු ලබන බහුදින ධීවර යාත්‍රාවක නියමුවෙකු බව සඳහන් වේ.

සීනිමෝදර ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි සැකකරු සතුව තිබී මුදල් රුපියල් 514,000ක්, ග්‍රෑම් 377ක් බරින් යුත් රන් ආභරණ, හෙරොයින් ග්‍රෑම් 10ක් සහ දුරකථනයක් පොලීසිය භාරයට ගෙන තිබේ.

එම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් ඇති අතර එම සැකකරුගේ 60 හැවිරිදි පියා ආධාර අනුබලදීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුගේ ගෝනපීනුවල ප්‍රදේශයේ පදිංචි නිවසේ තිබී විදේශ රටක නිෂ්පාදිත පිස්තෝලයක්, මැගසින් දෙකක්, 9,002,800ක මුදලක්, සැටලයිට් වර්ගයේ දුරකථනයක් සහ ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ.

එම සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදුන් බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය.