35 C
Colombo
Tuesday, February 25, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsරෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා අස්වෙයි

රෙජිනෝල්ඩ් කුරේ ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ මීට ටික වේලාවකට පෙර එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ.

ඉන් අනතුරුව රූපවාහිනි සංස්ථාවේ සේවකයින් අමතමින් කෙටි ප්‍රකාශයක් කළ සභාපතිවරයා ඔහුගේ කාර්යාලය සහ නිල රථය බාර දී අද (06) දහවල් 12.30 ට පමණ රූපවාහිනී සංස්ථා පරිශ්‍රයෙන් පිටව ගොස් ඇත.

රාජ්‍ය මාධ්‍ය ආයතනවල සභාපතිවරුන් සහ ඉහළ නිලතල වෙනස් කිරීමේ තීරණයක් රජය විසින් ගත් අතර ඒ අනුව රූපවාහිනි සංස්ථා සභාපතිවරයා මාරු කිරීමට තීරණය කර තිබේ. ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති සොනාල් ගුණවර්ධන රූපවාහිනි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස නම් කර ඇත.

රූපවාහිනි සංස්ථාවේ සභාපති රෙජිනෝල්ඩ් කුරේ පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය සභාපතිවරයා ලෙසත් එම මණ්ඩලයේ සභාපති සොනාල ගුණවර්ධන රූපවාහිනි සංස්ථා සභාපතිවරයා ලෙසත් පත් කිරීමට නියමිතව තිබූ අතර එවන් පුටු මාරුවකට තමන්ගේ කිසිදු කැමැත්තක් නොමැති බව රෙජිනෝල්ඩ් කුරේ පවසයි.