27 C
Colombo
Tuesday, October 7, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsවැලිකඩ ඝාතන නඩුවේ තීන්දුව අද

වැලිකඩ ඝාතන නඩුවේ තීන්දුව අද

වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් 08 දෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිචෝදනා ලැබූ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වූ එමිල් රන්ජන් ළමාහේවාට එරෙහිව නීතිපතිවරයා පැවරූ නඩුවේ තීන්දුව අද (06) ප්‍රකාශ කිරිමට නියමිතය.
ගිහාන් කුලතුංග, ප්‍රදීප් හෙට්ටිආරච්චි හා මංජුල තිලකරත්න යන විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නඩුව විභාගයට ගැනේ..

2012 වසරේ නොවැම්බර් මස 09 වැනිදා සිදුවූ මෙම ඝාතන සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කර නඩු පවරනු ලැබුවේ 2019 ජූලි මස 04 වැනිදායි.

නීතිපතිවරයා විසින් මුල් අවස්ථාවේ මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටි බන්ධනාගාරයයේ හිටපු බුද්ධි අංශ නිලධාරියකු වූ ඉන්දික සම්පත් නමැත්තා නඩු පවරන අවස්ථාව වන විටත් විදෙස්ගතව සිටි‌යේය.

නඩු කටයුතු ආරම්භ කිරීමෙන් පසු ඔහු නොමැතිව නඩුව විභාගයට ගැනුණු අතර පැමිණිල්ලේ සාක්කි අවසානයේ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ ඔහුට විරුද්ධව පැමිණිල්ලෙන් සාක්ෂි ඉදිරිපත් නොවන බවයි.

ඒ අනුව එම විත්තිකරු නිදොස් කොට නිදහස් කළ විනිසුරු මඩුල්ල නියෝමාල් රංගජීව හා එමිල් රන්ජන් ළමාහේවා යන විත්තිකරුවන්ට එරෙහිව නඩුව ඉදිරියට විභාග කෙරිණ.