තමා ඉදිරියේදී දිගටම අධිකරණයේ කටයුතු සඳහා සහභාගීවීමට බලාපොරොත්තු වන බව හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසයි.
රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් පසුව අද (06) පළමුවරට අධිකරණ කටයුතු සඳහා සහභාගිවෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.
බුද්ධි අංශයෙන් ලැබුණු වාර්තාවකට අනුව තමා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කළ බවට තිස්ස කුට්ටිටආරච්චි මන්ත්‍රිවරයා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පැවැත්විය යුතු බව සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රිවරයා එහිදී කියා සිටියේය.
“ඒක ඉතාම බරපතළ ප්‍රකාශයක්. අපේ පස්සේ බුද්ධි අංශය යන්න ඕනේ නෑ අපි කියන්න තියෙන දේ එළිපිට කියනවා. කවදාවත් අපි කුමන්ත්‍රණය කරපු මිනිස්සු නෙමෙයි ඉතිහාසයේ. බරපතළ වෙන්නේ මෙතෙන ප්‍රශ්නේ, බුද්ධි අංශ වාර්තාවක් කිව්වහම තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා වගේ කෙනෙකුට බුද්ධි අංශ තොරතුරු ගියේ කොහොම ද? මේක බරපතළ ප්‍රශ්නයක් නේ. බුද්ධි අංශ ඉතාම අවධානය යොමුකරන තැනක් රජයේ ප්‍රධානීනුත් මේ ගැන අවධානය යොමු කරන්න ඕනේ. මෙසේ නොවිය යුතුයි. බුද්ධි අංශ තොරතුරක් ගැන පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට ආව මන්ත්‍රීවරයෙක්, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවත්, රටේ දේශපාලනය ගැනවත්, අපේ දේශාපාලන ඉතිහාසය ගැනවත් නොදැන. බුද්ධි අංශ තොරතුරක් මත මේක වෙනවා කියන එක බරපතළ කාරණයක් මං දකින හැටියට නම්. මම ඉල්ලීමක් කරනවා ප්‍රධානීන්නගෙන් මේ කරපු ප්‍රකාශය පිළිබඳ වෙනම පරීක්ෂණයක් කරන්න කියලා කොහොමද මේ මන්ත්‍රීවරයෙකුට බුද්ධි අංශ වාර්තා ලැබුණේ කියලා.”
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයතු කළ සුසිල් ප්‍රේම්ජයන්ත් පසුගිය 4 වනදා ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම ධූරයෙන් ඉවත් කරනු ලැබීය.