27.8 C
Colombo
Wednesday, July 16, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙමටගොඩ චමින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව අධිචෝදනා

දෙමටගොඩ චමින්ද ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව අධිචෝදනා

2014 වසරේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින පාතාල කල්ලි නායකයෙකු වන ‘දෙමටගොඩ චමින්ද’ ඇතුළු විත්තිකරුවන් හතර දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අද (07) අධිචෝදනා භාර දුන්නේය.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ එම චෝදනා භාරදීම සිදු කෙරුණි. නඩුව ජනවාරි 31 වනදා කැඳවීමට අධිකරණය නියම කළේය.

2014 වසරේ අගෝස්තු 01 වනදා බොරැල්ල ප්‍රදේශයේ දී එච්. දුමින්ද හෙවත් චානක නැමැත්තෙකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් පාතාල කල්ලි නායකයෙකු බව කියන දැනට මරණීය දණ්ඩනය නියම වී සිටින තම චමින්ද රවී ජයනාත් හෙවත් දෙමටගොඩ චමින්ද ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා එම නඩුව පවරා තිබේ.