25.6 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කෙරේ

ලබන මාර්තු මස 31 වැනිදා දක්වා කල්ඉකුත් වන රියදුරු බලපත්වල වලංගු කාලය කල්ඉකුත් වූ දින සිට මාස හයක කාලයක් වලංගු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

මෝටර් වාහන පනත යටතේ ප්‍රවාහන අමාත්‍යශය නිකුත් කර ඇති ගැසට් නිවේදනයේ “2021 ඔක්තෝබර් මස 1 වන දිනයෙන් ආරම්භ වී 2022 මාර්තු මස 31 වන දිනයෙන් අවසන් වන කාලසීමාව තුළ නිශ්චිත දිනයේදී කල්ඉකුත්වීමට නියමිත සෑම රියදුරු බලපත්‍රයකම වලංගු කාලසීමාව එකී කල්ඉකුත්වීමේ දින සිට මාස හයකින් මෙයින් දීර්ඝ කරනු ලැබේ” ලෙස සඳහන්ව තිබේ.