27.3 C
Colombo
Monday, April 21, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකට පරිස්සම් කරගත්තා නම් වැඩේ හරි

කට පරිස්සම් කරගත්තා නම් වැඩේ හරි

“කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කළොත් කිසි ප්‍රශ්නයක් නෑ. මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා” යැයි අමාත්‍ය චමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යෝජිත අනුරාධපුර, තලාව තම්මැන්නාව පරිසර උයනේ ඉදි කිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමිනි.

“සාමාන්‍යයෙන් රජයක් ඇතුලේ රජයට විරුද්ධව යනවා නම් මොනවාද කරන්න ඕන එහෙම දෙයක් වෙන්න ඇති. ඒ ගැන අපි කණගාටු වෙනවා. අපේ සහෝදරයෙක්, ඉස්සර ඉඳන්ම අපේ පාර්ලිමේන්තුවේ හිටියා අනූ ගණන්වල ඉඳන්, සාමාන්‍යයෙන් ඇතුලේ ඉන්න කොට කට පරිස්සම් කර ගන්න එක තමයි හොඳම දේ.

මේක ඇහුවාමත් මගෙන් මොනවා හරි කියවුණොත් ප්‍රශ්නයක් වෙනවා. කට නිසානේ ඔක්කොම නහින්නේ, ඒ් නිසා අපි කට පරිස්සම් කර ගෙන අපිට පවරණ රාජකාරිය හරියට කලොත් කිසි ප්‍රශ්නයක් නෑ,මම නම් වැඩ කරන්නේ නැති ඇමතිවරු හිටියොත් එවැනි තීන්දු ගන්නවා.

කැබිනට් සංශෝධනය ගැන මමත් අද උදේ පත්තරෙන් දැක්කේ. කැබිනට් සංශෝධනය කොතන්ට යනවාද කියලා මම දන්නෙත් නෑ. ඒ්ක ඒහෙම් පිටින්ම නැති වෙයිද දන්නෙත් නෑ, රටට වැඩක් කරන්න ඇමතිකම නෙමෙයිනේ ප්‍රශ්නය තියෙන්නේ,තනතුර කොතන තිබුණත් එකට ඉන්නවා නම් අවබෝධයෙන් කටයුතු කරන්න අවශ්‍යයි,එහෙම නැතිව පරස්පරව එකට එක කථා කරගෙන කටයුතු කලොත් අපිට ගමනක් යන්න බෑනේ” යැයිද පැවසීය.