සංචාරක ඉන්දීය පිල සමඟ ජොහැනස්බර්ග් නුවර පැවති දෙවන ටෙස්ට් තරගයෙන් කඩුලු හතක ජයග්‍රහණයක් වාර්තා කිරිමට දකුණු අප්‍රිකාව සමත් වී තිබේ.
පළමු ඉනිමේදී ලකුණු 202කට දැවී ගිය ඉන්දීය පිලට දෙවන ඉනිමේදී රැස් කරගත හැකි වූයේ ලකුණු 266ක් පමණයි. පළමු ඉනිමේ ලකුණු 229ක් ලබාගත් දකුණු අප්‍රිකාවට ලකුණු 240ක ජයග්‍රාහී ඉලක්කයක් හිමි වූ අතර ඔවුන් කඩුලු 3ක් දැවී එය ඉක්මවා යාමට සමත් විය.
පළමු ටෙස්ට් තරගයෙන් ඉන්දියාව ජයග්‍රහණය කළ නිසා මේ අනුව තරගාවලිය ජයග්‍රහණ එකට එකක් ලෙස සම වෙයි.