30 C
Colombo
Wednesday, July 30, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනිවු සවුත්වේල්ස් සඳහා සීමා පැනවෙයිද?

නිවු සවුත්වේල්ස් සඳහා සීමා පැනවෙයිද?

කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළයාමත් සමග ඔස්ට්‍රේලියාවේ ජනාකීර්ණම ප්‍රාන්තය වන නිවු සවුත් වේල්ස් ප්‍රාන්තයට නැවතත් කොවිඩ් මර්දන රෙගුලාසි පැණවෙනු ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය දින කිහිපය පුරා එම ප්‍රාන්තයෙන් ආසාදිතයන් 35,000 ඉක්මවා වාර්තා වූ අතර ඉන් සැලකිය යුතු පිරිසක් ඔමික්‍රොන් වෛරස් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.

මේ අනුව රාත්‍රී සමාජශාලා වැනි පුද්ගල ඒකරාශිවීම් සිදුවන ස්ථාන වසා දැමීම කෙරෙහි නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන්ගේ අවධානය යොමුවී තිබේ. අවන්හල් සඳහා පැමිණෙන සංඛ්‍යා සීමා කිරීම වැනි සිමා කිහිපයක් පැණුවෙනු ඇති බවටද වාර්තා පළවෙයි.

අද රැස්වන ප්‍රාන්ත ආර්ථික කමිටුව විසින් මේ සම්බන්ධයෙන් අවසාන තීන්දුවක් ගැනීමට නියමිතය. මෙය ලොක්ඩවුන් කිරීමක් නොව සීමා පැණවීමක් පමණක් බව නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත බළධාරීන් සඳහන් කරයි.