24.5 C
Colombo
Thursday, December 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමහජන බැංකුව චීන පොහොර නැවට මුදල් ගෙවයි

මහජන බැංකුව චීන පොහොර නැවට මුදල් ගෙවයි

මතභේදයට තුඩු දුන් චීන පොහොර නෞකාව අයත් සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6.9ක මුදලක් අද ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිබේ.

මහජන බැංකුව සදහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවය.

පොහොර නෞකාව මෙරටට භාර නොගත්ත ද ප්‍රමිතියෙන් යුත් පොහොර නැවත ලබාදෙන බවට දෙපාර්ශවය අතර එකඟතාවයකට පැමිණි බව අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව මහජන බැංකුව හරහා අදාළ සමාගමට මුදල් ගෙවීමට නියමිතය.