32.2 C
Colombo
Thursday, March 26, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළට

කසකස්ථානයේ ගැටුම් සහ ලිබියාවේ තෙල් සැපයුම අඩාලවීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අද (07) නැවතත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ

එහිදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 82 යි ශත 56 ක් ලෙස සටහන් වන අතර ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි. තෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 80 යි ශත 13ක් ලෙසයි.

ඒ අනුව වසරේ පළමු සතිය තුළ තෙල් මිල සියයට 6කින් පමණ ඉහළ ගොස් ඇති අතර දැන් වාර්තාවන්නේ පසුගිය නොවැම්බරයෙන් අනතුරුව වාර්තාවන ඉහළම තෙල් මිලයි. ඔමික්‍රොන් කොරෝනා ප්‍රභේදයෙන් ඉල්ලුම පහත වැටීම අභිබවා සැපයීම පිළිබඳ අවිනිශ්චිතභාවය පෙරට පැමිණීම, මෙලෙස ලෝක වෙළඳපොලේ තෙල් මිල ඉහළ යාමට හේතුවී ඇති බව සැලකිය හැකිය.