වේදිකා හා ටෙලිනාට්‍ය රංගන ශිල්පි ගාමිණී අම්බලන්ගොඩ මහතා අද (09) අභාවප්‍රාප්ත විය. දීර්ඝ කාලයක් රෝගී තත්ත්වයක් පසුවූ අම්බලන්ගොඩ මහතා සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති වනවිට 66 හැවිරිදි වියේ පසුවිය. සිඟාල ගෝස්තරේ වේදිකා නාට්‍යයේ රඟපාමින් කලාවට එක් වූ ඔහු අනතුරුව ස්වර්ණපාලි, රජගහේ නාඩගම, රූකඩ රාජ්ජේ, දික්තල කාලගෝල වැනි ජනප්‍රිය වේදිකා නාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබේ. එමෙන්ම ආදරණීය පූර්ණිමා, ආදර වසන්තය ඇතුළු ටෙලිනාට්‍ය රැසකද ඔහු රංගනයෙන් දායකවී ඇත.
― political ―
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි
ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකින විට පක්ෂයක් ලෙස ඉතා ආඩම්බර වෙන බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියෝ පැවසූහ.කොළඹ, පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය...
