මියන්මාරයේ හමුදා අධිකරණයක් විසින් බලයෙන් පහකළ නායිකා අවුන් සාන් සුකී වසර 4කට සිරගත කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇයට එරෙහිව චෝදනා රාශියක් ගොනුකර තිබූ අතර අනවසරයෙන් ‘ගමන් කථනයක්’ තමා සතුව තබා ගැනීම ඉන් එක චෝදනාවකි. එරට ආනයන අපනයන නීති උල්ලංඝනය කරමින් එම උපකරණ තමා සතුව තබාගෙන සිටි බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.
එම චෝදනාවට වැරදිකරු වීම හේතුවෙන් වසර දෙකක සිර දඬුවමක්ද ලබාදිය යුතු බවට නියෝග කර තිබෙන අතර එම දඬුවම් ද්විත්වයම එකවර ගෙවීයන පරිදි නියෝගය නිකුත් කර ඇත.