30 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඖෂධ වර්ග 80ක හිගයක්?

ඖෂධ වර්ග 80ක හිගයක්?

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඩොලර් අර්බුදය හේතුවෙන් ඖෂධ වර්ග 80ක පමණ හිගයක් ඇතිවීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයෙය් සභාපති රවී කුමුදේශ් පවසයි.

මෙම වසරට (2022) අදාල වාර්ෂික ඖෂධ ඇස්තමේන්තුවලට ඖෂධ මිලදී ගැනීම සදහා අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන් ඖෂධ වර්ග 80ක් පමණ මිලදීගැනීමට නොහැකිවන තත්වයක් නිර්මාණය වී ඇති බව හෙතෙම කීය.

නියමිත ටෙන්ඩර් පටිපාටිය අවසන් කර මිලදී ගැනුම අගෝස්තු මස ආරම්භ වී තෝරාගන්නා සමාගම් සදහා ණයවර ලිපි නිකුත් කර මාස හතරක පමණ කාලයක් ඖෂධ ගෙන්වීම සදහා වැයවන බැවින් ජනවාරි මාසය වනවිට ඖෂධ රට තුළට ළගා වීම සිදුවන බවත් කෙසේ වෙතත් 2022 වර්ෂය සදහා අවශ්‍ය ණයවර ලිපි මේ වන තෙක් නිකුත් වී නොමැතිවීම හේතුවෙන් අත්‍යාවශ්‍ය ඖෂධ ඇනවුම් කිරීමේ ක්‍රියාවලිය දැනටමත් මාස 4ක පමණ ප්‍රමාද වී ඇති බවත් කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.