24 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකටුනායක යකා නැටූ විදේශිකයා ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෙක්ද?

කටුනායක යකා නැටූ විදේශිකයා ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයෙක්ද?

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් මගින් අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත පැන යාමට තැත් කළ ජාතිකත්වය හදුනා නොගත් විදේශිකයෙකු කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට යන අවස්ථාවේදී විදේශිකයා එයින් මිදී පැන දුවා තිබේ.

මෙම පුද්ගලයා ගුවන්තොටුපළ වහලයට නැග ගුවන්තොටුපළෙන් පිටතට දිව යමින් සිටියදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, ශ්‍රී ලංකා ගුවන් හමුදා කොමාන්ඩෝ භටයින්, ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් සහ කටුනායක ගුවන්තොටුපළ පොලීසියේ නිලධාරීන් එක්ව සිදු කළ ලුහුබැදීමේදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අලුයම 02.45 ට අබුඩාබි ඔස්සේ ප්‍රංශයේ පැරිස් වෙත යෑම සදහා ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 265 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබූ අතර අලුයම 01.00ට පමණ කටුනායක ගුවන්තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පිවිසි මෙම විදේශිකයා ගුවන් ප්‍රවේශ පත්‍රයද ලබා ගැනීමෙන් අනතුරුව තම ලියකියවිලි නිශ්කාශනය කර ගැනීමට විගමන කවුළුව වෙත පැමිණ ඇත.

එහිදී ඔහු ඉදිරිපත් කළ ෂීෂෙල්ස් ජාතික ගුවන් ගමන් බලපත්‍රය පිළිබඳව සැක සිතූ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එම දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් වෙත තාක්ෂණික පරීක්ෂණ සදහා යොමු කර තිබේ.

ඒ අතරතුර මෙම විදේශිකයාගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ප්‍රශ්න කිරීම් සිදු කරමින් සිටින අවස්ථාවේඩී එකවරම ඔහු හිදගෙන සිටි පුටුවෙන් නැගිට පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යන්නට විය.

පිටත්වීමේ පර්යන්තය ඔස්සේ දිව යමින් සිටි මොහු රේගු පරිශ්‍රය ඔස්සේද දිව යමින් ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන්ගේ ආරක්ෂක වැටවල් උඩින් පනිමින් දිව යන්නට විය.

එහිදී වහාම ක්‍රියාත්මක වූ ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ එවකට රාජකාරී කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු බළලත් නිලධාරීවරයා මේ පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ගුවන් හමුදා කදවුර, ගුවන් තොටුපළ පොලීසිය සහ ගුවන් තොටුපළ ආරක්ෂක ප්‍රධානීන් දුරකථන ඔස්සේ දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණි.

ඒ වනවිටත් ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් සිව් දෙනෙකු සහ ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් පිරිසක් ද මොහු පිටුපස ලුහුබදිමින්හ ඹා යමින් සිටින්නට විය. ඒ සැනින් මෙම විදේශිකයා එකවරම අසළ ඇති තාප්පයකට නැග එයින් ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ වහළයට නැග ඒ මත සැගවී සිටින්නට වී තිබේ .

මෙම විදේශිකයාගේ ගෙල ප්‍රදේශයේ පැහැදිලිව පිටතට පෙනෙන සේ 4693 ලෙස සදහන් අංකයක් පච්ච කොටා තිබුණි. මොහු විදේශික බන්ධනාගාරයකින් පළා ආ පුද්ගලයෙකු හෝ විදේශීය රටකට අත්‍යාවශ්‍ය පුද්ගලයෙකු (Wඅන්ටෙඩ් ඵෙර්සොන් ) හෝ කිසියම් ජාත්‍යන්තර ත්‍රස්තවාදී කල්ලියක සාමාජිකයකු විය හැකි බවට ගුවන්තොටුපළ ආරක්ෂක අංශ සැක පළ කරයි.

මෙසේ අත් අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වනවිට කටුනායක ගුවන්තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සදහා භාර දී තිබේ.