30 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගම්මන්පිල ඩොලර් මිලියන 200ක් ඉල්ලයි

ගම්මන්පිල ඩොලර් මිලියන 200ක් ඉල්ලයි

මෙරට අවශ්‍යතාව වෙනුවෙන් ඉන්ධන මිලදී ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙන බැවින් එම මුදල ලබාදෙන ලෙස අද (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඉල්ලීමක් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

ජනවාරි මාසය තුළ පමණක් මෙරට අවශ්‍යතාවට ඉන්ධන ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 350ක් පමණ අවශ්‍යව තිබෙන නමුත් ඒ සඳහා ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සතුව තිබෙනුයේ ඩොලර් මිලියන 150ක් පමණි.

ඒ අනුව මෙරට ඉන්ධන අවශ්‍යතාව සපුරාලීම සඳහා හිඟව පවතින ඩොලර් මිලියන 200ක මුදල ලබාදෙන ලෙස කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරන බව අමාත්‍යවරයා පවසයි.

“මෙරට අවශ්‍යතාව සඳහා ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් මිලියන 200ක පමණ හිඟයක් තිබෙනවා. ජනවාරි මාසයේ තෙල් ලබාගැනීමට ඩොලර් මිලියන 350ක් පමණ අවශ්‍යවෙනවා. ඒත් ඛනිජතෙල් සංස්ථාව සතුව තිබෙන්නේ මේ වනවිට ඩොලර් මිලියන 150යි. අද පැවැත්වෙන කැබිනට් රැස්වීමෙදී ඉන්ධන මිලදී ගැනීම සඳහා හිඟයක් තිබෙන ඩොලර් මිලියන 200ක මුදල ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන්න මම කටයුතු කරනවා. මම විශ්වාස කරනවා ඒ ඩොලර් මිලියන 200ක මුදල කැබිනට් මණ්ඩලය අනුමත කරලා දෙයි කියලා.”