27.2 C
Colombo
Wednesday, February 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඡන්දෙන් පස්සෙ කරපිංචා හපයක් වගේ අපිව විසි කළා

ඡන්දෙන් පස්සෙ කරපිංචා හපයක් වගේ අපිව විසි කළා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් ඡන්දෙන් පසු තම මන්ත්‍රීවරුන් කරපිංචා හපයක් සේ විසිකර දැමූ බව මෛත්‍රිපාල සිරිසේන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ ක්ළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමිනි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර අත්සන් කෙරුණු ගිවිසුමේ කොන්දේසි කිසිවක් අද වනතුරු ඉටු කර නැතැයිද ඔහු එහිදී චෝදනා කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා,

“මැතිනියගේ කාලෙදිවත් මෙහෙම ආහාර අහේනියක් තිබ්බේ නෑ.අද රටම අවුල් වෙලා. මිනිස්සු එදා මෙහෙම පෝලිම්වල කුණුහරුප කිව්වෙ නෑ. රටක් කරන්න නම් හොඳ කණ්ඩායමක් සිටිය යුතුයි.”