27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNews'ඩෙල්ටක්‍රෝන්' නමින් නව වෛරස් ප්‍රභේදයක්

‘ඩෙල්ටක්‍රෝන්’ නමින් නව වෛරස් ප්‍රභේදයක්

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු දෙමුහුන් වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබේ.

මෙම දෙමුහුන් වික්‍රියාවට ‘ඩෙල්ටක්‍රෝන්’ (Deltacron) ලෙස නම් තබා ඇති අතර එම ආසාදිතයින් පළමු වරට හඳුනා ගෙන ඇත්තේ සයිප්‍රසයෙන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සයිප්‍රස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය ලියොනිඩෝස් කොස්ට්‍රිකිස් පැවසුවේ මෙම දෙමුහුන් වික්‍රියාවේ ජාන ව්‍යුහය ඔමික්‍රෝන් ප්‍රභේදයට සමාන බවත් එහි ජෙනෝම ඩෙල්ටා ප්‍රභේදයට සමානකමක් දක්වන බවයි.

කොවිඩ් ආසාදනයකදී සාමාන්‍යයෙන් රෝගියෙකුගේ සිරුරට ඇතුළත් වන්නේ එක් ප්‍රභේදයක් වුවත් මෙය අතිශයින්ම දුර්වල අවස්ථාවක් වන අතර මෙම දෙමුහුන් වෛරස් වික්‍රියාව හරහා ඪ්ණැ හුවමාරුවීමක් වීමෙන් ඉදිරියේදී ඉතා දරුණු ගණයේ නව කොවිඩ් ප්‍රභේදයක් ඇතිවීමේ අවධානමක් ඇතිවිය හැකි බව විද්‍යාඥයින් පවසයි.

දැනට වාර්තා වන දෙමුහුන් ‘ඩෙල්ටක්‍රෝන්’ වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනා ගෙන් 14 දෙනෙකු මේ වන විටත් කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල්ගතව සිටින පුද්ගලයින් වන අතර සෙසු 11 දෙනා සමාජයෙන් හමුවූ ආසාදිතයින්ය.