28.4 C
Colombo
Monday, July 14, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalසහල් ගේන්න බන්දුල ඩොලර් ඉල්ලයි

සහල් ගේන්න බන්දුල ඩොලර් ඉල්ලයි

ඇමෙරිකානු ඩොලර් මිලියන 133.7ක් වැය කරමින් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ තුනක් ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන තීරණය කර ඇත.

ඒ සඳහා අවශ්‍ය ඩොලර් මිලියන 133.7ක මුදල නිදහස් කරන්නැයිද ඇමැතිවරයා මහජන බැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.

පතාබි ඇග්‍රො ෆුඩ්ස් ප්‍රයිවට් ලිමිටඩ් (Pattabi Agro Foods pvt ltd) සමාගමෙන් හා තවත් සමාගමකින් මෙම සහල් මිලදී ගැනීම සිදුවන අතර මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 436ක මිලකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක්ද, මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 465ක මිලකට තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක්ද මෙම සමාගම් දෙකෙන් මිලදී ගැනීමට නියමිතයි.