27.2 C
Colombo
Thursday, July 31, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාබනික වගාව 100%ක් කරන්න බෑ කියලා පිළිගන්නවා

කාබනික වගාව 100%ක් කරන්න බෑ කියලා පිළිගන්නවා

රටක් ලෙස ඉදිරියට යෑමෙදී සියයට සියයක් කාබනික වගාව පමණක් කළ නොහැකි බව කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ පැවසුවේය.

ඊයේ (10) පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

කාබනික කෘෂිකර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී ගොවිජන සේවා නිලධාරීන් අවශ්‍ය දැනුම ලබා දීම සහ ගොවියන් දැනුවත් කිරීම සම්බන්ධයෙන් අඩුපාඩු රාශියක් සිදුවූ බව ඔහු එහිදී ප්‍රකාශ කළේය. එබැවින් අද වන විට රාජ්‍ය ආයතන, රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික ආයතන මෙන් ම ත්‍රිවිධ හමුදාව ද සම්බන්ධ කරගෙන මීළඟ යල කන්නය සඳහා කාබනික වගාව සාර්ථක කර ගැනීමට උත්සහ ගන්නා බවද ඔහු එහිදී කියා සිටියේය.

“චීනයෙන් අපි ආනයනය කළේ පොළොවට යොදන්න කිසිම අහිතකරයක් නැති පොහොරක්. යම් යම් කාරණා අපිටත් අවශ්‍ය විදියට සිදු නොවුණු නිසා තමයි අපි ඒ නැව හැරෙව්වේ. ගුණාත්මක පොහොරක්, රටට ගැළපෙන පොහොරක් අපි නිර්දේශ කරලා තියෙනවා. ඒ ක්‍රමයට ආවොත් අපි ලෑස්තියි ඒක බාර ගන්න. අපි හරවලා යවපු නැව හොඳටම සුදුසුයි කියලා සිංගප්පූරුවේදි ඔප්පු වුණා. මේක ඇතුළේ අපි නොදකින ප්‍රශ්න ගොඩක් තියෙනවා. මෙහේ ඒක හඳුනාගන්නේ නැති වෙන්නත් සිංගප්පූරුවේ ඒක නිවැරදි පොහොරක් ලෙස අඳුනාගන්නත් මෙතන කොතනක හරි ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනේ. අපි මේ වෙනකොට ඒක ගැනත් පරීක්ෂණයක් කරගෙන යනවා.”