28.1 C
Colombo
Tuesday, May 13, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපතිගේ රාජාසන කතාව ගැන කල්තැබීමේ විවාදයක්

ජනපතිගේ රාජාසන කතාව ගැන කල්තැබීමේ විවාදයක්

නව පාර්ලිමේන්තු සැසිය අරඹමින් ජනාධිපතිවරයා ඉදිරිපත් කරන රාජාසන කථාව පිළිබඳව 19 සහ 20 දෙදින තුළ පාර්ලිමේන්තුවේ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ.

සභානායක දිනේෂ් ගුණවර්ධන පවසන්නේ ඒ සම්බන්ධයෙන් අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බවයි.

එම සභාව කල් තැබීමේ යෝජනාව ආණ්ඩු පක්ෂය විසින් ඉදිරිපත් කරන බවත් එමෙන්ම 20 වැනිදා පනත් කෙටුම්පත් 04ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවත් සභානායකවරයා පැවසීය.

1979 අංක 15 දරන අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට සිදුකරන සංශෝධනය, පුද්ගල නාශක බිම් බෝම්බ තහනම් කිරීමේ පනත් කෙටුම්පත, 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනතට සංශෝධන සහ සිවිල් නඩු විධාන සංග්‍රහය සඳහා සංශෝධන ඒ අතර වෙයි.