24.5 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපවුලක වුනත් මෙහෙම දීග කන්න බෑ

පවුලක වුනත් මෙහෙම දීග කන්න බෑ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක තවදුරටත් එක්ව දේශපාලනයක නිරත වෙනවාදැයි කියා සලකා බලන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයෙන් තමා ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

අද (11) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තරුණ මන්ත්‍රීවරුන් පක්ෂ මූලස්ථානයේ කැඳවූ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමින් ඔහු මේ බව පැවසීය.

පවුලක උනත් මෙහෙම යන්න පුළුවන් කමක් නොමැති බවත් ස්ථාවර දේශපාලන කඳවුරක් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගතයුතු බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය.